Skip to main content

Posts

Showing posts from October, 2019

අඹ චට්නියක් හදමුද.....?

අවශ්‍ය ද්‍රව්‍ය  කුඩාවට කපා ගත් පැසුනු අඹ 900g සීනි 300g විනාකිරි 200 ml ඉගුරු සහ සුදුලූනු තේ හැදි බාගයක්  මිරිස් කුඩු මේස හැදි 2 ක්  කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි තේ හැදි බාගයක්  ලුනු තේ හැදි බාගයක්  සාදාගන්නා ආකාරය   පියවර 01 මුලින්ම අවශ්‍ය කරන සියලුම දේ ලෑස්ති කර පසෙකින් තබන්න.  පියවර 02 භාජනයක් ලිප තබා එයට විනාකිරි දමන්න එය රත් වනවිට සීනි ,ඉගුරු සහ සුදුලූනු ,මිරිස් කුඩු ,කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි,දිය ලුනු දමන්න. පියවර 03 ඉන්පසුව අඹ  ටික දමා  මද ගින්නෙ උකු වනතුරු පිස ගන්න. පියවර 04 අඹ හොදින් තැම්බි උකු වූ පසු ලිපෙන් බා ගන්න.උනුවෙන්ම , ජීවානුහරනය කල බෝතල් වල දමා සීල් කරන්න.අවුරුද්දක් පමණ තබා ගත හැක.  උපුටා ගැනීමකි.   

රසම රස තෝර මාළු අච්චාරුවක් හදමුද.........

තෝර මාළු කියන්නේ ලොකු කුඩා හැමෝටම එකසේ රස ගුණ දෙන කෑමක්නේ. අපි හුගක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සුදට කිරට උයන්නනේ. ඒත් වෙනස් රසයකට අලුත් විදියකට තෝර මාළු හදාගන්න විදිය තමයි මේ.මේ ක්‍රමයට හැදුවාම කල් තියාගන්නත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය තෝර මාළු 450g මිරිස් කුඩු මේස හැදි 2 කහ ස්වල්පයක් ලුණු මේස හැදි 2 විනාකිරි අඩු කෝප්පයක් සියඹලා 75g කොත්තමල්ලී කුඩු මේස හැදි 1 තෙල් සීනි මේස හැදි 2 සාදාගන්නා ආකාරය  තෝර මාළු පෙති ගසා සෝදාගන්න. කහ සහ ලුණු එක්කර දවටා තෙලෙන් බදින්න.සියඹලා විනාකිරෙන් මිශ්‍ර කර බොර එකතුකර ගන්න.සියලුම කුළු බඩු වර්ග මේ සියඹලා බොර සමග එක්කර හොදට නටනතුරු පිසගන්න. තෝර පෙති ඊට එකතු කර උදුනෙන් ඉවතට ගන්න. නිවෙන්නට හැර මැටි බදුන් වලට දමන්න.    මූලාශ්‍ර lady.lk

ධාන්‍ය වලින් රසවත් ආහාර වට්ටෝරු 3ක්..

ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි.  රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ. 1. කඩල, කව්පි මිශ්‍ර පිට්ටු අවශ්‍ය ද්‍රව්‍ය  රතු හෝ සුදු හාල් පිටි 250g ගා ගත් පොල්  ලුණු තම්බාගත් කඩල 100g තම්බාගත් රතු කව්පි 100g තම්බාගත් ග්‍රීන්පීස් 50g අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක් සාදාගන්නා ආකාරය ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.  දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.  අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.  මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය. 2. බතල ක...

කොස් ඇට පොල් තෙම්පරාදුවක් හදමුද ?

අවශ්‍ය ද්‍රව්‍ය  කොස් ඇට 30ක් පමණ වියළි හාල්මැස්සන් 10ක් පමණ  කහ තේ හැදි බාගයක්  ලුණු තේ හැදි 1 ක්  වියළි මිරිස් කරල් 4 ක් අබ තේ හැදි 1 ක් සූදුරු තේ හැදි කාලක්  සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 6ක් යන්තමට ලියාගත් සුදුලූණු බික් 3ක් කරපිංචා  රම්පා කැබැල්ලක්  කෑලි මිරිස් තේ හැදි 1 ක්  තෝර පරිප්පු මේස හැදි 1 ක්  දෙහි බෑයක යුෂ අමුමිරිස් කරල් 3ක්  සිහින්ව ගාගත් පොල් කෝප්ප 1 ක්  අවශ්‍ය ප්‍රමාණයට ලුණු  පොල් තෙල් මේස හැදි එකහමාරක්  සාදාගන්නා ආකාරය  කොස් ඇට ටික හොදින් තෝරාගෙන සෝදාගන්න. නරක්වූ ඇට ඉවත්කරන්න. දැන් කොස් ඇටවලට ලුණු තේ හැන්දක් සහ කහ තේ හැදි බාගයක් දමා තම්බාගන්න. කොස් ඇට හොදින් තැම්බුණු පසු යන්තමට තලාගෙන හෝ කපාගෙන පොතු ඉවත්කරගන්න.  දැන් හොද තාච්චියක් ගන්න. එයට පොල් තෙල් දමන්න. තෙල් රත්වීගෙන එනවිට මුලින්ම එයට හාල්මැස්සන් ටික දමා බැදගන්න. පසුව හාල්මැස්සන් ටික ගන්න. තෙල් ටිකට තවත් තෙල් ටිකක් එකතු කරන්න. දැන් එයට අබ සහ සූදුරු දමන්න.  සූදුරු හා අබ ඇට පුපුරාගෙන එනවිට එයට කඩාගත් වියළි ...

කර්ඩ් රයිස් හෙවත් මුදවපු කිරිබත්

නීරෝගී කාන්තාවක් හැමදාම උදේට ආහාරයට ගත යුතු විශේෂිත ආහාරයක් විදිහට තමයි මේ කර්ඩ් රයිස් එහෙමත් නැත්නම් මුදවපු කිරිබත් හදුන්වන්නේ. මේ ආහාරය දකුණු ඉන්දියානු ආහාරයක්. තයීර් සාදම් කියල තමයි මේ ආහාරය හදුන්වන්නේ . දකුණු ඉන්දියානු නිලියන්ගේ ජනප්‍රියතම උදේ ආහාරය තමයි මේ තයීර් සාදම්. අද අපි කියන්න යන මේ ආහාරය සුපිරි ආහාරයක්. මේ රසවත් තෙම්පරාදු බත හරිම රසවත් අත්දැකීමක් වේවි. රෙසිපිය දාන්න කලින් පොඩ්ඩක් බලමු නේද මේ රසවත් බත කාන්තාවන්ගේ නීරෝගීකමට කොහොමද බලපාන්නේ කියල. කාන්තාවකගේ සම්පූර්ණ නීරෝගීකමට බලපාන ප්‍රධානතම හේතු ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන සංකූලතායි. සම අවපැහැ ගැන්වීම, සම කළු වීම, සම එල්ලා වැටීම, දෑස් බොර පාට වීම, මළ ටික ටික පිටවීම, මළ පිටකිරීමේදී රුධිරය පිටවීම, බඩ පිපුම, උගුරට ඒම, ඉස්මුරුත්තාව, ගැස්ට්‍රයිටිස්, ආහාර රුචිය නැතිකම, කලන්තය, පණ නැතිකම සහ සම්පූර්ණ ශරීරයේ පණක් නැතිවීම වැනි සුලභ රෝග රැසකට මේ මුදවපු කිරිබත ගුණ බවයි පැවසෙන්නේ. දවස් 30ක් මේ කිරිබත හැම උදයකම ආහාරයට ගැනීමෙන් ඉහත සදහන් රෝග වලට සහනයක් ලබාගත හැකිවේවි. කර්ඩ් රයිස් සාදාගැනීමට අවශ්‍ය දේවල්... පිසගත් බත් කෝප්ප 2...