තෝර මාළු කියන්නේ ලොකු කුඩා හැමෝටම එකසේ රස ගුණ දෙන කෑමක්නේ.අපි හුගක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සුදට කිරට උයන්නනේ. ඒත් වෙනස් රසයකට අලුත් විදියකට තෝර මාළු හදාගන්න විදිය තමයි මේ.මේ ක්‍රමයට හැදුවාම කල් තියාගන්නත් පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
තෝර මාළු 450g
මිරිස් කුඩු මේස හැදි 2
කහ ස්වල්පයක්
ලුණු මේස හැදි 2
විනාකිරි අඩු කෝප්පයක්
සියඹලා 75g
කොත්තමල්ලී කුඩු මේස හැදි 1
තෙල්
සීනි මේස හැදි 2
සාදාගන්නා ආකාරය
තෝර මාළු පෙති ගසා සෝදාගන්න. කහ සහ ලුණු එක්කර දවටා තෙලෙන් බදින්න.සියඹලා විනාකිරෙන් මිශ්‍ර කර බොර එකතුකර ගන්න.සියලුම කුළු බඩු වර්ග මේ සියඹලා බොර සමග එක්කර හොදට නටනතුරු පිසගන්න. තෝර පෙති ඊට එකතු කර උදුනෙන් ඉවතට ගන්න. නිවෙන්නට හැර මැටි බදුන් වලට දමන්න.
මූලාශ්‍ර lady.lk

Comments
Post a Comment