අවශ්‍ය ද්‍රව්‍ය
- කුඩාවට කපා ගත් පැසුනු අඹ 900g
- සීනි 300g
- විනාකිරි 200 ml
- ඉගුරු සහ සුදුලූනු තේ හැදි බාගයක්
- මිරිස් කුඩු මේස හැදි 2 ක්
- කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි තේ හැදි බාගයක්
- ලුනු තේ හැදි බාගයක්
සාදාගන්නා ආකාරය
පියවර 01
මුලින්ම අවශ්‍ය කරන සියලුම දේ ලෑස්ති කර පසෙකින් තබන්න.
පියවර 02
භාජනයක් ලිප තබා එයට විනාකිරි දමන්න එය රත් වනවිට සීනි ,ඉගුරු සහ සුදුලූනු ,මිරිස් කුඩු ,කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි,දිය ලුනු දමන්න.
පියවර 03
ඉන්පසුව අඹ ටික දමා මද ගින්නෙ උකු වනතුරු පිස ගන්න.
පියවර 04
අඹ හොදින් තැම්බි උකු වූ පසු ලිපෙන් බා ගන්න.උනුවෙන්ම , ජීවානුහරනය කල බෝතල් වල දමා සීල් කරන්න.අවුරුද්දක් පමණ තබා ගත හැක.
උපුටා ගැනීමකි.
Comments
Post a Comment