ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි. රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- රතු හෝ සුදු හාල් පිටි 250g
- ගා ගත් පොල්
- ලුණු
- තම්බාගත් කඩල 100g
- තම්බාගත් රතු කව්පි 100g
- තම්බාගත් ග්‍රීන්පීස් 50g
- අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක්
සාදාගන්නා ආකාරය
ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.
දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.
අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.
මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය.
2. බතල කව්පි බෝල
අවශ්‍ය ද්‍රව්‍ය
2. බතල කව්පි බෝල
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් බතල 250g
- තම්බාගත් කව්පි 200g(සුදු හෝ රතු)
- චීස් ටිකක්
- ලුණු
- ගම්මිරිස් කුඩු
- කෝන් පිටි
- බිත්තර 1ක්
- පාන් කුඩු
- බැදීමට තෙල්
සාදාගන්නා ආකාරය
තම්බාගත් කව්පි වලට චීස් , ලුණු , ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කරන්න.
තම්බාගත් බතල ග්‍රේටරයකින් ගා ගන්න. එයටද ලුණු , ගම්මිරිස් කුඩු , කෝන් පිටි එකතු කරන්න.
දැන් බතල මිශ්‍රණයෙන් කොටසක් ගෙන තුනී කරන්න. ඒ මත කව්පි චීස් මිශ්‍රණයෙන් ටිකක් තබා බෝල කර රවුම් හැඩයට හෝ දිගටි හැඩයට සකස් කරන්න.
දැන් මේ බෝල තට්ටු කරගත් බිත්තර සාරුවල තවරා පාන් කුඩු දවටා ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරුත් බැදගන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
- මාළුමිරිස් කරල් කිහිපයක්
- කව්පි, කඩල, ග්‍රීන්පීස් ටික බැගින්
- ලොකු ළූනු ගෙඩි 1ක්
- මිරිස් කුඩු ස්වල්පයක්
- ගම්මිරිස් කුඩු ස්වල්පයක්
- ලුණු
- බැදීමට තෙල්
බැටරය සදහා
- කෝන් පිටි මේස හැදි 5ක්
- කඩල පිටි මේස හැදි 3ක්
- බේකින් පවුඩර් තේ හැදි 1ක්
- ලුණු තේ හැදි බාගයක්
- වතුර කෝප්ප බාගයක හෝ තුන්කාලක්
බැටරය සදහා ගත් සියල්ල එකට දමා වතුර දමා හොදින් මිශ්‍ර කර බැටරය සාදාගන්න.
සාදාගන්නා ආකාරය
කව්පි, කඩල, ග්‍රීන්පීස් පෙගෙන්නට හැර හොදින් තම්බා ගන්න. දැන් ඒවාට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු හා ලුණු මිශ්‍ර කරන්න.
දැන් තාච්චියකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වූ පසු ලියාගත් ළූනු එකතු කරන්න.
ඉන්පසු තම්බාගත් කඩල, කව්පි, ග්‍රීන්පීස් මිශ්‍රණය සහ රස අනුව ලුණු තෙම්පරාදුවට එකතු කරන්න.
මෙම මිශ්‍රණය තරමක් පොඩිකර ගන්න. දැන් මාළුමිරිස් කරල් ගෙන එය යන්තමින් පලා ඇට ඉවත් කර ඒ තුළට සාදාගත් පිරවුම පුරවන්න.
දැන් මේ සාදාගත් මාළුමිරිස් කරල් මුලින් සාදාගත් බැටරයේ තවරා ගැඹුරු තෙලේ බැදගන්න.
Comments
Post a Comment