Skip to main content

කර්ඩ් රයිස් හෙවත් මුදවපු කිරිබත්




නීරෝගී කාන්තාවක් හැමදාම උදේට ආහාරයට ගත යුතු විශේෂිත ආහාරයක් විදිහට තමයි මේ කර්ඩ් රයිස් එහෙමත් නැත්නම් මුදවපු කිරිබත් හදුන්වන්නේ. මේ ආහාරය දකුණු ඉන්දියානු ආහාරයක්. තයීර් සාදම් කියල තමයි මේ ආහාරය හදුන්වන්නේ . දකුණු ඉන්දියානු නිලියන්ගේ ජනප්‍රියතම උදේ ආහාරය තමයි මේ තයීර් සාදම්.

අද අපි කියන්න යන මේ ආහාරය සුපිරි ආහාරයක්. මේ රසවත් තෙම්පරාදු බත හරිම රසවත් අත්දැකීමක් වේවි.

රෙසිපිය දාන්න කලින් පොඩ්ඩක් බලමු නේද මේ රසවත් බත කාන්තාවන්ගේ නීරෝගීකමට කොහොමද බලපාන්නේ කියල.

කාන්තාවකගේ සම්පූර්ණ නීරෝගීකමට බලපාන ප්‍රධානතම හේතු ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන සංකූලතායි. සම අවපැහැ ගැන්වීම, සම කළු වීම, සම එල්ලා වැටීම, දෑස් බොර පාට වීම, මළ ටික ටික පිටවීම, මළ පිටකිරීමේදී රුධිරය පිටවීම, බඩ පිපුම, උගුරට ඒම, ඉස්මුරුත්තාව, ගැස්ට්‍රයිටිස්, ආහාර රුචිය නැතිකම, කලන්තය, පණ නැතිකම සහ සම්පූර්ණ ශරීරයේ පණක් නැතිවීම වැනි සුලභ රෝග රැසකට මේ මුදවපු කිරිබත ගුණ බවයි පැවසෙන්නේ.

දවස් 30ක් මේ කිරිබත හැම උදයකම ආහාරයට ගැනීමෙන් ඉහත සදහන් රෝග වලට සහනයක් ලබාගත හැකිවේවි.

කර්ඩ් රයිස් සාදාගැනීමට අවශ්‍ය දේවල්...

  • පිසගත් බත් කෝප්ප 2ක්. (බෙරි වන්න තම්බාගන්න.)
  • අලුත් රස නොකළ මුදවපු කිරි කෝප්ප 3ක්. (රස නොකළ යෝගට් උනත් ගන්න පුළුවන්)
  • අමුමිරිස් කරල් 2 ක් (දිගට කපාගන්න )
  • අගලක ඉගුරු කැබැල්ලක් (සිහින්ව ලියාගත් )
තෙම්පරාදුව සදහා අවශ්‍ය දේවල්...
  • තෙල් තේ හැදි 2 ක්. 
  • අබ තේ හැදි බාගයක්.
  • උළුදු ඇට තේ හැදි බාගයක්.
  • තෝර පරිප්පු තේ හැදි බාගයක්.
  • වියළි මිරිස් කරල් 2 ක්. 
  • කරපිංචා කොළ 10ක් පමණ.
  • පෙරුම්කායම් කුඩු තේ හැදි කාලක්.
  • රස අනුව ලුණු.
සාදාගන්නා ආකාරය...

බත් මුදවපු කිරි සහ ලුණු එකට මුසු කර හොදින් මිශ්‍ර කරන්න. ටිකක් හැන්දේ පිට පැත්තෙන් පොඩිකරන්න. ගොඩාක් පොඩි කරන්නත් එපා. 

දැන් මේ බත් මුදවපු කිරි මිශ්‍රණයට ඉගුරු සහ අමුමිරිස් එකතු කරන්න. පසෙක තබන්න. දැන් නන්ස්ටික් පෑන් එකක් ගන්න. එයට තෙල් තේ හැදි 2ක් දමන්න. තෙල් රත්වීගෙන එද්දී එයට අබ ඇට එකතු කරන්න. අබ ඇට පුපුරද්දී එයට උළුදු ඇට සහ තෝර පරිප්පු ඇට එකතු කරන්න. එය රන්වන් පැහැයට හැරීගෙන එද්දී එයට වියළි මිරිස් කරල් සහ කරපිංචා කොළ එකතු කරන්න. විනාඩියක් බැදගන්න. දැන් මෙයට පෙරුම්කායම් කුඩු එකතු කරන්න. ඒ සමගම ලිප වසා හැකි ඉක්මනින් තෙම්පරාදු මිශ්‍රණය සකසාගත් බත් මුදවපු කිරි මිශ්‍රණයට එකතු කරන්න. දැන් හොදින් මිශ්‍ර කරන්න. ලුණු රසබලා එකතු කරන්න. 

අවශ්‍ය නම් උඩින් ලියාගත් කොත්තමල්ලි කොළ ඉස ආහාරයට ගන්න. මෙසේ සකසාගත් කර්ඩ් රයිස් උණුවෙන්ම හෝ ශීත කර ආහාරයට ගන්න පුළුවන්. 

මේ කර්ඩ් රයිස් කොතරම් ගුණදායකද කියල තේරෙන්නේ දිගටම ආහාරයට ගත්තොත් තමයි. 

Comments

Popular posts from this blog

රසම රස බත් වර්ග 8 ක්

1.කබ්සා රයිස් අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටි...

කෑම උයද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම්  පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න. 1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවක...

ධාන්‍ය වලින් රසවත් ආහාර වට්ටෝරු 3ක්..

ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි.  රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ. 1. කඩල, කව්පි මිශ්‍ර පිට්ටු අවශ්‍ය ද්‍රව්‍ය  රතු හෝ සුදු හාල් පිටි 250g ගා ගත් පොල්  ලුණු තම්බාගත් කඩල 100g තම්බාගත් රතු කව්පි 100g තම්බාගත් ග්‍රීන්පීස් 50g අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක් සාදාගන්නා ආකාරය ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.  දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.  අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.  මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය. 2. බතල ක...