සිංහල සීනි සම්බෝලය සාදාගැනීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය හොද අලුත් බී ලූනු 2kg ක්. ( අලුත් ලූනු ගන්න. ලූනු වල උඩ බඩය ඉවත් කර ලියාගන්න. ) තරමක් සිහින්ව කුඩුකරගත් උම්බලකඩ 100g ක්. කෑලි මිරිස් 100g ක්. අව්වේ තරමක් වේලාගත් කරපිංචා කෝප්ප 1 ක්. 1cm තරමට කපා අව්වේ වියලාගත් රම්පා කෑලි කෝප්ප බාගයක් සහ වියලාගත් සේර බඩයක්. දෙහි ගෙඩියක් තරම් අලුත් සියඹලා ගුලියක්. ( මෙය වතුර කෝප්ප කාලක දියකරගෙන ඇට ඉවත්කරගන්න. වතුර වැඩිය දාන්න එපා. ) සීනි මේස හැදි 8 ක්. කරදමුංගු කරල් 12 ක්. කුරුදු පොතු අගලේ කෑලි 4 ක්. කරාබුනැටි 12 ක්. ( කරාබුනැටි, කරදමුංගු, කුරුදු පොතු එකට දමා තරමක් තලාගන්න.) ලුණු කුඩු මේස හැදි 1 (රස අනුව අඩු වැඩි කරගන්න.) සුදුලූණු බික් 2ක් සහ ඉගුරු අගලක කැබැල්ලක්. හොද තත්වයේ පොල් තෙල් කෝප්ප 1 ක්. සාදාගන්නා ආකාරය පොල්තෙල් අඩු කෝප්ප බාගයක් හොද අඩිය අල්ලන්නේ නැති තාච්චියකට දමාගන්න. තෙල් රත්වීගෙන එනවිට එයට සිහින්ව කපාගත් ලූනු දමන්න. හොදින් උඩ යට මාරු කරමින් බදින්න. ලූනු රන්වන් පැහැයට හැරෙනතුරු බැදිය යුතුයි. තෙල් වැඩිපුර දමන්න එපා. මදිවගේ නම් මේස හැන්දක් ප...