අවශ්‍ය ද්‍රව්‍ය
- වියළි හාල්මැස්සන් 300g. මේ හාල්මැස්සන් ඔලු කඩා දෙතුන් වරක් හොදින් සෝදා දෙහි ටිකක් කහ ටිකක් දමා පසෙක තබන්න.
- රටකජු 200g. අමු රටකජු පොත්ත පිටින්ම ගන්න.
- එළවළු තෙල් කෝප්ප බාගයක්.
- සිහින්ව ලියාගත් බීලූනු ගෙඩි 2ක්.
- සීනි මේස හැදි 5ක්.
- කහ තේ හැදි 1ක්.
- වියළි මිරිස් කරල් 10ක්, විනාකිරි මේස හැදි 1 ක්, සියඹලා පේස්ට් මේස හැදි 1ක්, මිරිස් කුඩු මේස හැදි 1 ක්, සුදුලූණු බික් 1 ක්, අගල් කාලක ඉගුරු කැබැල්ලක් එකට දමා අඹරාගත් ගුලියක්.
- ලුණු රස අනුව
- ඉතාම කුඩා කරපිංචා මිටක්.
සාදාගන්නා ආකාරය
- මුලින්ම මිරිස් පේස්ට් එක හදාගන්න. මිරිස් කරල් වේලා දියේ දමා තබාගන්න. පසුව සියල්ල එකට දමා හොදින් අඹරාගන්න.
- දැන් හොද ඝනකම තාච්චියක් ලිපේ තියන්න. එයට තෙල් කෝප්ප බාගය දමන්න. හොදින් රත්කරන්න. මුලින්ම රටකජු ටික රන්වන් පාටට බැදගෙන පිටතට ගන්න. පසුව කරපිංචා මිටද තත්පර 5ක් බැදගෙන පිටතට ගන්න. පසෙක තබාගන්න.
- දැන් එම තෙලට හාල්මැස්සන් ටික හොදින් මිරිකා දමන්න. විනාඩි 3ක් පමණ හොදින් බදින්න. දැන් එයටම ලූනු ටික දමන්න. තවත් විනාඩියක් බැදගන්න.
- දැන් එයට කහ කුඩු සහ අඹරාගත් පේස්ට් එක දමාගන්න. ලිපේ දැල්ල අඩු කරන්න. මද ගින්නේ විනාඩි 5ක් පිසින්න. දැන් ලුණු සහ සීනි දමන්න.
- දැන් බැදගත් රටකජු සහ බැදගත් කරපිංචා එකතු කර තවත් විනාඩි 3ක් මදගින්නේ පිස මේ ටික බෝතලයකට දමාගන්න. රස්නේ ගතිය අඩුවූ පසු බෝතලය වසන්න. අවශ්‍ය වේලාවට පාවිච්චියට ගන්න පුලුවන්.
උපුටා ගැනීමකි.
චෙෆ් ගයන්ත මද්දුමගේ ඉදිරිපත් කල තවත් රහස් වට්ටෝරුවක්
Comments
Post a Comment