Skip to main content

පුදුමාකාර රස සිංහල සීනි සම්බෝලය...



සිංහල සීනි සම්බෝලය සාදාගැනීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය  

  1. හොද අලුත් බී ලූනු 2kg ක්. ( අලුත් ලූනු ගන්න. ලූනු වල උඩ බඩය ඉවත් කර ලියාගන්න. )
  2. තරමක් සිහින්ව කුඩුකරගත් උම්බලකඩ 100g ක්.
  3. කෑලි මිරිස් 100g ක්. 
  4. අව්වේ තරමක් වේලාගත් කරපිංචා කෝප්ප 1 ක්.
  5. 1cm තරමට කපා අව්වේ වියලාගත් රම්පා කෑලි කෝප්ප බාගයක් සහ වියලාගත් සේර බඩයක්.
  6. දෙහි ගෙඩියක් තරම් අලුත් සියඹලා ගුලියක්. ( මෙය වතුර කෝප්ප කාලක දියකරගෙන ඇට ඉවත්කරගන්න. වතුර වැඩිය දාන්න එපා. )
  7. සීනි මේස හැදි 8 ක්.
  8. කරදමුංගු කරල් 12 ක්.
  9. කුරුදු පොතු අගලේ කෑලි 4 ක්.
  10. කරාබුනැටි 12 ක්. ( කරාබුනැටි, කරදමුංගු, කුරුදු පොතු එකට දමා තරමක් තලාගන්න.)
  11. ලුණු කුඩු මේස හැදි 1 (රස අනුව අඩු වැඩි කරගන්න.) 
  12. සුදුලූණු බික් 2ක් සහ ඉගුරු අගලක කැබැල්ලක්.
  13. හොද තත්වයේ පොල් තෙල් කෝප්ප 1 ක්.
සාදාගන්නා ආකාරය 
  • පොල්තෙල් අඩු කෝප්ප බාගයක් හොද අඩිය අල්ලන්නේ නැති තාච්චියකට දමාගන්න. තෙල් රත්වීගෙන එනවිට එයට සිහින්ව කපාගත් ලූනු දමන්න. හොදින් උඩ යට මාරු කරමින් බදින්න. ලූනු රන්වන් පැහැයට හැරෙනතුරු බැදිය යුතුයි. තෙල් වැඩිපුර දමන්න එපා. මදිවගේ නම් මේස හැන්දක් පමණක් දමන්න.
  • දැන් බැදගත් ලූනු පත්තර කඩදාසියකට දමා ඉන් ඔතා තබන්න. මේ ක්‍රමය මගින් අනවශ්‍ය තෙල් ඉවත් වෙනවා.
  • දැන් කට පලල් තරමක් ලොකු ඝන අඩියක් තියෙන තාච්චියක් ගන්න. එයට ඉතිරි තෙල් කෝප්ප බාගය දමන්න. තෙල් රත්වීගෙන එනවිට එයට තලාගත් කරදමුංගු, කරාබුනැටි, කුරුදු පොතු මිශ්‍රණය දාන්න. තත්පර 10ක් පමණ බැදෙන්න දෙන්න. දැන් එයට වියලාගත් කරපිංචා රම්පා සහ සේර බඩය දමන්න. විනාඩියක් බදින්න.
  • දැන් මේ මිශ්‍රණයට කෑලි මිරිස් සහ උම්බලකඩ එකතු කරන්න. හොදින් තෙල්වල දවටමින් බදින්න. කෑලි මිරිස් කළු වෙන්න දෙන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට බදින්න.
  • දැන් එයට බැද තෙල් බේරාගත් ලූනු ටික දමන්න. හොදින් මිශ්‍ර කරන්න.
  • දැන් විනාඩි 5ක් 7ක් පමණ මේ මිශ්‍රණ‍යත් සමග ලූනු ටික පිසින්න. මේ අවස්ථාවේදී සීනි සහ ලුණු එකතු කරන්න. රස අනුව වෙනස් කරගන්න.
  • අවසානයට සියඹලා එකතු කරන්න. 
දැන් සීනි සම්බෝලය සූදානම්. ඔයාලත් හදලම බලන්න.

Comments

Popular posts from this blog

රසම රස බත් වර්ග 8 ක්

1.කබ්සා රයිස් අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටි...

කෑම උයද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම්  පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න. 1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවක...

ධාන්‍ය වලින් රසවත් ආහාර වට්ටෝරු 3ක්..

ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි.  රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ. 1. කඩල, කව්පි මිශ්‍ර පිට්ටු අවශ්‍ය ද්‍රව්‍ය  රතු හෝ සුදු හාල් පිටි 250g ගා ගත් පොල්  ලුණු තම්බාගත් කඩල 100g තම්බාගත් රතු කව්පි 100g තම්බාගත් ග්‍රීන්පීස් 50g අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක් සාදාගන්නා ආකාරය ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.  දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.  අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.  මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය. 2. බතල ක...