අවශ්‍ය ද්‍රව්‍ය
- හොදින් සුද්දකර තරමක කැබලි වලට කපාගත් බෝල්ලෝ කරවල 200g - කරවල ටික කපාගෙන පස්සේ දෙහි බෑයක් යුෂ, කහ තේ හැදි බාගයක් දමා අතගාලා තියන්න. පැය බාගයකට පස්සේ ආයෙත් සෝදලා ගන්න.
- සිහින්ව ලියාගත් රතුලූනු කෝප්ප බාගයක්
- දෙකට පලාගත් අමුමිරිස් කරල් 3ක්
- දෙකට පලාගත් සුදුලූණු බික් 4ක්
- කරපිංචා ඉති 2ක්
- රම්පා කැබැල්ලක්
- පොඩි කුරුදු පොතු කැබැල්ලක්
- උළුහාල් තේ හැදි කාලක්
- එකට දමා අඹරාගත් සූදුරු තේ හැදි බාගයක් සහ අබ තේ හැදි තුන්කාලක්
- මිරිස් කුඩු තේ හැදි 3ක්
- කහ කුඩු තේ හැදි බාගයක්
- ගොරක කැබලි 3ක් - උණු දියේ විනාඩි පහක් දමා තබාගන්න. පසුව ඒ වතුරත් සමගම කරියට දමන්න.
- දෙහි ගෙඩියක යුෂ
- පොල් කිරි කෝප්ප 2ක්
- රස අනුව ලුණු
- තවත් අලුත් කරපිංචා ඉත්තක් අවසානයට කරියට දාන්න.
- පොල් තෙල් මේස හැදි 1 ක්
සාදාගන්නා ආකාරය
- මැටි ඇතිලියක් ගන්න. ඒක ඕනිමයි. දැන් ඒකට පොල්කිරි, දෙහි සහ පොල්තෙල් ඇරෙන්න අනිත් සියළුම දේ දාන්න.
- දෙහි ටික හොදින් මිරිකන්න. එහෙම කරලා හොදින් අතගාන්න.
- අවසානය පොල්තෙල් මේස හැන්ද උඩින් දමා යලිත් අතගාන්න.
- දැන් මෙසේ ඒදාගත්ත බෝල්ලෝ ටික හරියටම පැය බාගයක් ලුණු ඇඹුල් අල්ලන්න තියන්න.
- පැය බාගයකට පසු ලිපේ තියන්න. මද ගින්නේ. විනාඩි පහකට පමණ පසු පොල්කිරි ටික දමන්න.
- පොල්කිරි ටික දමා හොද්ද උතුරුවාගන්න. හොදින් හොද්ද උතුරුවාගත්තාට පසුව ලුණු බලන්න. පසුව ලිපේ ගින්දර අඩුම කර පියන වසා තබන්න.
- පැය කාලකට පසු ලිප වහලා දාන්න. උඩින් අලුත් කරපිංචා ඉත්තක් දමන්න. යළිත් පියන වසන්න. එහෙමම වහල පැය කාලක් තියන්න.
චෙෆ් ගයන්ත මද්දුමගේ ඉදිරිපත් කරන රහස් වට්ටෝරුවක් හදල රස බලන්න....
Comments
Post a Comment