Skip to main content

රස මාළු කරියකට රහස් 10 ක්...




1. රස මළු කරියක් හදන්න නම් දවසේ මාළු ගන්න. දවසේ මාළු කියන්නේ අලුත් මාළු. වඩාත්ම රස මාළු කරියක් හදන්න නම් කුඩා මාළු ගන්න. ලොකු කෑලි මාළු පහසු උනත් හොද්දේ රසය ගැන හිතනවා නම් කුඩා මාළු ගන්න. 

2. මාළු හොදින් සෝදන්න. මසුන් ගෙන ආ මොහොතේම එය සෝදන්න. මාළු මුලින්ම සුද්ද කරන්න. පසුව සාමාන්‍ය වතුරෙන් තුන් වරන් හොදින් සෝදන්න. පසුව වතුර බේරා එයට දෙහි බෑයක යුෂ දමන්න. දෙහි ලෙල්ල ද මාළු වලටම දමන්න. එයටම කහ කුඩු තේ හැදි බාගයක් සහ ලුණු කුඩු තේ හැදි බාගයක් දමන්න. හොදින් අතගා විනාඩි 40ක් වසා තබන්න. පසුව යලිත් සෝදා පිසීමට ගන්න. පසුව පිසිනවා නම් අධිශීතකරණයට හොදින් වසා දමන්න. 

3.මාළු පිසීමේදී ගොරකා, තක්කාලි, සියඹලා ආදී කුමන ඇඹුලක් එක්කලත් දෙහි ඇඹුල් බිංදු දෙක තුනක් දමන්න අමතක කරන්න එපා. ඉන් මාළු වල රසය පුදුමාකාර ලෙස මතුවෙනවා. එම නිසා මාළු පිසින හැම විටම දෙහි ගෙඩියක් ඒත් සමග ගන්න. 

4. මාළු වලට ගොරකා දමන විට කුඩා බෝල් එකකට ගොරකා උණු වතුරදමා විනාඩි 15ක් තම්බන්න. පසුව එම වතුරද සමගම මාළු කරියට දමන්න. මාළු 500g කට ගොරක කෑලි 2ක් හෝ 3ක් උපරිමයෙන් ඇති. ගොරකා අලුත් ඇඹුලක් මාළු කරියට එක් කරනවා.

5. මාළු කරියක් පිසිනවිට කරපිංචා ඉති පිටින් දමන්න. රසය වැඩි වෙනවා. කරපිංචා සූරා කිසිම විටෙක දමන්න එපා. කරපිංචා ඉත්තේ නාරටි වලින් මාළු කරියට වෙනස්ම රසයක් එනවා. අලුත් ලපටි කරපිංචා හැම විටම ගන්න. 

6. ඕනම මාළු කරියක් හදන විට හොද්ද ඉතිරූ පසුව තවත් විනාඩි 15ක් මද ගින්නේ තබන්න. මද ගින්නේ තැබීමෙන් මාළු වල රසය කරියට එකතු වෙනවා. 

7. මාළු කරිය හදන විට මැටි ඇතිලියක් තෝරාගන්න. රස මාළු කරියක් සදහා මැටි ඇතිලිය හොද පදනමක් දමනවා. 

8. මාළු හොද්දට ලුණු දමන විට හැමවිටම ලුණු කැට දාන්න. ලුණු කැට වලින් රසය තවත් වැඩි වෙනවා. ලුණු කුඩු වලින් එසේ වෙන්නෙ නැහැ. 

9.හැමවිටම කෑමට ගන්න පැය 3කට පෙර මාළු කරිය හදන්න. පැය 2ක 3ක් යද්දී මාළු හොද්දක තියෙන රසය දහගුණයකින් ඉහළ යනවා. 

10. ඕනම මාළු කරියක් මද ගින්නේ පිසීමට කළින් පොල් තෙල් තේ හැන්දක් උඩින් ඉසින්න. රසය වැඩි වෙනවා.

උපුටා ගැනීමකි .

Comments

Popular posts from this blog

රසම රස බත් වර්ග 8 ක්

1.කබ්සා රයිස් අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටි...

කෑම උයද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම්  පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න. 1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවක...

ධාන්‍ය වලින් රසවත් ආහාර වට්ටෝරු 3ක්..

ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි.  රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ. 1. කඩල, කව්පි මිශ්‍ර පිට්ටු අවශ්‍ය ද්‍රව්‍ය  රතු හෝ සුදු හාල් පිටි 250g ගා ගත් පොල්  ලුණු තම්බාගත් කඩල 100g තම්බාගත් රතු කව්පි 100g තම්බාගත් ග්‍රීන්පීස් 50g අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක් සාදාගන්නා ආකාරය ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.  දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.  අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.  මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය. 2. බතල ක...