Skip to main content

රසම රස බත් වර්ග 8 ක්






















1.කබ්සා රයිස්






අවශ්‍ය දේවල්

  1. බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න )
  2. ඔලිව් ඔයිල් 2 tbs
  3. බටර් 1 tbs
  4. කරාබු නැටි 3-4
  5. බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3
  6. කරදමුංගු ටිකක්
  7. පොඩියට කපා ගත් ලුනු කප් 1
  8. පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5
  9. ටොමැටෝ පේස්ට් 2tbs
  10. පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1
  11. කොත්තමල්ලි කුඩු 2tbs
  12. සුදුරු 1/2tsp
  13. රස අනුව ලුණු
  14. චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න )
  15. ප්ලම්ස් හා කජු ටිකක්
  16. ගම්මිරිස් කුඩු ටිකක්
  17. සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g

සාදාගන්නා ආකාරය

මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න.
පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න.
පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා )
පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න.
පසු එකට ටොමැටෝ පේස්ට් ටික හා ටොමැටෝ සෝස් ටිකක් දමා කලවම් කර ගන්න.
පසු මේ මිශ්‍රනයට කොත්තමල්ලි කුඩු/සුදුරු කුඩු හා රස අනුව ලුණු දමා හොදින් මිශ්‍ර කරන්න.
අන්තිමට සොදා ගත් හාල්/කජු ප්ලම්ස්/ගම්මිරිස් කුඩු දමා ගන්න.පසු බත් උයා ගන්න ප්‍රමාණයට චිකන් ස්ටොක් දමා බත් බේරි නොකර උයා ගන්න.

සැ.යු.(මේ බත් එක Saudi Arabian රයිස් එකක්.හරි රසයි වගේම හොඳ සුවදකුත් එනවා.) ඔයාලාට ඕනේ නම් පොඩියට කපා ගත් තක්කාලි ගෙඩි 2කුත් ලුනු බදින කොට මේකට දමා ගන්න පුළුවන්.එ වගේම චිකන් ටික තම්බා ගෙන එම එලියට අරගෙන කේක් ට්‍රේ එකක දමා බේක් කරලා ගන්නත් පුළුවන්. 

2.යන්ග් චව් ෆ්‍රයිඩ් රයිස්




අවශ්‍ය දුව්‍ය
  1.     පොතු ඉවත්කරගත් ඉස්සන් 100g
  2.     කුකුල් මස් 50g
  3.     පිසගත් බාස්මතී බත් 500g
  4.     බිත්තර 04
  5.     තම්බාගත් ග්‍රීන් පීස් 10g
  6.     කුඩාවට කපන ලද  බට්න් හතු 10g
  7.     රසකාරක තේ 1/2Tsp
  8.     සුදු ගම්මිරිස් කුඩු 2Tsp
  9.     ලුණු අවශ්‍ය පමණට
  10.     කෝන්පිටි 1Tsp
  11.     සෙසමි තෙල් 1/4Rsp
  12.     ලූණු කොල 10g
  13.     කෝන්තේල් අවශ්‍ය තරම්
සදන ක්‍රමය

ඉස්සන් සහ කුකුල් මස් කැබලි මතට ලුණු, ගම්මිරිස්, කෝන්පිටි, බිත්තර සාරු ටිකක් දමා මිශ්‍රකර තබන්න. මීලගට සාස්පානක් ලිප තබා කෝනතෙල් ටිකක් දමා රත්වූ විට පදම්කරගත් දෑ එයට දමා හැදිගාමින් හොදට පිසගන්න. දැන් එයටම ග්‍රීන්පීස්, කළු හතු හා බිත්තරද එක්කර ගනිමින් දිගටම කූරුගාමින් හැදිගාන්න. එයටම පිසගත් බත්, රසකාරක, සෙසමි තෙල්, කුඩාවට කපාගත්ළූණු කොල එකතු කර හොදට කලවම්කර මදගින්නේ විනාඩි 3ක් පමණ වේලා තබා ලිපෙන් බා ගන්න.

3.ඉතාලි බත්




අවශ්‍ය වන්නෙ-:
  1. හාල් - 450g
  2. තෙල් අඬු කොප්ප - 1/2
  3. වතුර කොප්ප -18
  4. ගාගත් චීස් -180g
  5. ගම්මිරිස් තේ හැඳි -1/4
  6. ලුණු තේ හැඳි -1 1/2
  7. තක්කාලි යුෂ කොප්ප -2
  8. අඹරාගත් මස් 450g
  9. ලූණු කැබලි -120g
  10. ලියාගත් සුදුලූනු බික් -2
  11. බිත්තර -2
සාදන ක්‍රමය -:

පළමුව බඳුනක් ලිප මත තබා රත්වන විට හාල් දමා රත්වන විට බදින්න.පසුව එයට මස් ,ලූණු,සුදු ලූණු,ගම් මිරිස්,දමා විනාඩි 1 0ක් පමණ පිසින්න.

මෙය පිසින විට නිතර හැඳි ගාන්න.තක්කාලි යුෂ සහ වතුර එක්කර විනාඩි 10ක් පමණ මඳගින්නේ පිස එය ඉදුණු පසු පිළිගැන්වීමට පෙර ගාගත් චීස් එක්කර යාන්තමට චීස් කලවම් කර ගන්න. 

4.ඇපල් බත්




අවශ්‍ය ද්‍රව්‍ය :-
  1.     ඇපල් ගෙඩි 5 ක්
  2.     ඒ වගේම උයපු බත් කෝප්පයක්.
  3.     වියලි මිදී ග්‍රෑම් 50 ක්
  4.     කජු හෝ රටකජු ග්‍රෑම් 50 ක්
  5.     එළඟිතෙල් ටිකක්.
  6.     කුරුඳු කුඩු ග්‍රෑම් 50 ක්
  7.     සීනි ග්‍රෑම් 100 ක්
සාදන ක්‍රමය :-

ඉස්සෙල්ලම ඇපල් ගෙඩිය දෙකට කපාගන්න ඕන. ඒ හැබැයි වෙනදට අපල කපන විදිහට නෙමෙයි. හරස් අතට.
එහෙම කපද්දී ඇපල් ගෙඩියේ උඩ කොටස ටිකක් පොඩියටත් යට ටික ටිකක් වැඩියෙන් ඉඩ ඉතුරු වෙන්නත් කපන්නයි ඕන.
ඉන් පස්සේ ඇපල් ගෙඩියේ ලෙල්ලට හානි නොවෙන්න මදය ඉවත්කර ගන්න.
දැන් ඇපල් ගෙඩියේ කොටස් දෙක පොඩි කෝප්පයක් සහ එහි පියන වගේ පෙනෙන්න තියෙයි.
බත්, රටකජු හෝ කජු, වියලි මිදී එළඟි තෙල් එක්ක මිශ්‍ර කරගන මේ ඇපල් ගෙඩියේ යට කොටසට පුරවා ගන්න.
දැන් මේ ඇපල් භාජනය ඇපල් පියනෙන් වහලා සෙන්ටිග්‍රේඩ් අංශක 75 ක උෂ්ණත්වයකට විනාඩි 7 ක් විතර බේක් කරගන්න.
අර කලින් ඉවත් කළ ඇපල් මද පොඩි කර ගන්න..
පුංචි භාජනයකට වතුර ටිකකුත් එක්ක මේ  ඇපල් මද මිශ්‍ර කරලා ලිපේ තියල මද ගින්නේ ස්ටු කරන්නයි ඕන.
ඒකට කුරුඳු කුඩු සහ සීනිත් එකතු කරගන්න අමතක කරන්න එපා.
ස්ටු කරගත් ඇපල් මද ටික බන්දේසියක හෝ පැතලි පිඟානක අතුරන්න.
දැන් අර බේක් වුණු ඇපල් අරගෙන මේ බන්දේසියේ තියල පිළිගන්වන්න. 

5.කානිවල් රයිස්




අවශ්‍ය ද්‍රව්‍ය
  1. බෙරි නොවන සේ පිසගත් කීරි සම්බා - කිලෝ ග්‍රෑම් 1
  2. වියළි මිදි - ග්‍රෑම් 50
  3. කැබැලි සිටින සේ කුඩුකරගත් කජු - ග්‍රෑම් 50
  4. කුඩා කොටු කපාගත් රතුපාට බෙල්පෙපර් - ග්‍රෑම් 20
  5. කුඩා කොටු කපා ගත් කොළපාට බෙල්පෙපර් - ග්‍රෑම් 20
  6. සිහින්ව කපාගත් ලූනු - ග්‍රෑම් 20
  7. අඹරාගත් ඉඟුරු, සුදුලූනු - ග්‍රෑම් 10
  8. කැමති මස් වර්ගයක් හෝ  මාළු - ග්‍රෑම් 200
  9. බිත්තර - 3යි
  10. තෙල් - මේස හැඳි 4 ලුණු රසට අනුව
  11. ගම්මිරිස් ස්වල්පයක් 
සාදන ආකාරය

මස් හෝ මාළු සෝදා කුඩා කොටු කපා ලුණු ගම්මිරිස් අතගා ගැඹුරු තෙ‍ලේ රන්වන් පාටට බැඳ ගන්න. දැන් ලොකු තාච්චියක් ළිප තබා රත්වනවිට තෙල් එකතු කරන්න. දැන් අඹරාගත් ඉඟුරු, සුදුලූනු, ලුනු, දමන්න. දැන් බිත්තර තට්ටු කර දමා කූරු ගාමින් පිසගන්න. දැන් බෙල්පෙපර් කැබැලි, වියළි මිදි, ලුනු. ගම්මිරිස් සහ බැදගත් මස් හෝ මාළු එකතු කරන්න. දැන් බත දමා කලවම් කර ගන්න. 

6.ජෙලෝප් රයිස්




අවශ්‍ය දෑ
  1. මේ රයිස් එකට ඕනා තම්බපු හාල් කප් 3
  2. හොඳ රතු පාටට තියෙන තක්කාලි ගෙඩි 3-4
  3. ටොමැටෝ පේස්ට් මේසහැදි 1 1/2
  4. කුනිස්සෝ ටිකක්
  5. කපා ගත් ලුනු ටිකක් වැඩිපුර
  6. රතු පාට ඕනාම මිරිස් වර්ගයකින් 2-3
  7. (නයි මිරිස් කියන එකේ රතු පාට එක තමා මේ අය පාවිච්චි කරන්නේ )
  8. මැගි හෝ නෝර් කියුබ් 2
  9. රස අනුව ලුණු
  10. බිප් හෝ ඕනාම මිට් වර්ගයක්
  11. තෙල්
සාදාගන්නා ආකාරය 

මුලින් මස් සෝදා ප්‍රෙෂර් කුකර් එකට දමා හොදට සෝප්ට් වනතුරු උයා ගන්න.
පසු තක්කාලි/කපා ගත් ලුනු එකෙන් ටිකක්/මැගි කියුබ්/රතු පාට මිරිස්/කුනිස්සෝ බෙලෙන්ඩර් එකට දමා වතුර ටිකක් වෙන්න දාලා හොදින් බෙලෙන්ඩර් කරන්න.පසු එකට ටොමැටෝ පේස්ට් ටිකත් කලවම් කරන්න.
දැන් භාජනයක් ලිප තියා එකට තෙල් ටිකක් වැඩිපුර දාන්න.පසු එකට ඉගුරු සුදුලුනු පේස්ට් ටිකක් දමා බැදෙන්නට හරින්න.
එකටම කපා ගත්ත ඉතුරු ලුනු ටික දමා රන්වන් පාටට බැදෙන්නට හරින්න.පසු මස් ටික (තම්බා ගත් ) එකට දමා විනාඩි 5-6 බැදෙන්නට හැර එකටම බෙලෙන්ඩර් කර ගන්න තක්කාලි මිශ්‍රනය දාන්න.
පසු එකට වතුර ටිකක් ද එක් කරන්න.පසු මේ මිශ්‍රනය හොදටම ග්‍රේවි එකට එනතෙක් උයා ගන්න.
ඔයාලාට පෙනෙවි හොදට තික් ගතිය ආවාම ලස්සන පාටට එනවා.
පසු බත් උයා ගන්න පුළුවන් භාජනයක් ලිප තියා එකට හොදින් සෝදා ගත් හාල් ටික දාන්න.එකටම ග්‍රින් පීස් ටිකකුත් දාන්න.
පසු හදා ගත් මිශ්‍රනය එකට දමා බත් උයා ගන්න ඕනා ප්‍රමාණයට වතුර දමා බත් එක උයා ගන්න.
බත් එකේ වතුර ගතිය අන්තිමට තිබුනොත් මද රස්නේ බත් එක වසා තියන්න.
* අනිත් එක මේ බත් උයන කොට මේ අය මේ රටේ ස්පයිස් වර්ග 2 දානවා.එකක් අපි පාවිච්චි කරන කරි පවුඩර් එක වගේ.
අනිත් එක අපේ සුදුරු එක වගේ.හැබැයි සුදුරු සුවද නම් නැහැ.
එ නිසා ඔයාලා මේ රයිස් එකට අපේ කරි පවුඩර් පොඩ්ඩක් දමා ගන්න.ගොඩක්ම එපා.එහෙම වුනොත් රස වෙනස් වෙයි

7.චොෆ්සි රයිස්




අවශ්‍ය ද්‍රව්‍ය

  1. උයා ගත් බත්,
  2. කපා ගත් මස් (කැමති මස් වර්ගයක් පාවිච්චි කල හැක.) ඉස්සො, සොසේජස්,
  3. ලොකුවට කපාගත් කැරට්, ගෝවා, ලීක්ස්, බොරොකොලීන්, බොක් චෝඊ, බට්න් මශ්‍රෑම්( හතු) බේබි කෝන්( බෝංචි, මල් ගෝවා, බෙල් පෙප වැනි දෑද යොදාගත හැක)
  4. තක්කාලි ( අකමැතිනම් අවශ්‍ය නැත)
  5. වටු බිත්තර (අකමැතිනම් අවශ්‍ය නැත)
  6. ලොකුවට කපාගත් ලූණු, පොඩියට කපාගත් සුදු ලූණු, ඉගුරැ
  7. කැමති ස්ටොක් වර්ගයක් කෝප්ප 1/4~1/2 අතර (කුකුලු මස්, තලාගත් සුදු ලූණු, ඉගුරු, ලූණු සහ ලුනු ස්වල්පයක් කුකුල් මස් කැබලි වැහෙන තරමට වතුර දමා හොදින් තම්බා ගෙන වතුර පෙරා ගැනීමෙන් කුකුල් මස් ස්ටොක් සාදාගත හැක්.)
  8. ලුනු, ගම්මිරිස්
  9. ඉරිගු පිටි ( corn flour) මේස හැදි 1
  10. සොයා සෝස් මේස හැදි 2~3
  11. ඔඊස්ටර් සෝස් මේස හැදි 1
  12. විනාකිරි මේස හැදි 1
සාදාගන්නා ක්‍රමය 

කුකුල් මස් වලට ලුනු සහ ගම්මිරිස් දමා පදම් කරගන්න(විනඩි 10ක් පමන පදම්වන්න තබන්නේනම් වඩාත් රසවත් වේ)

ඉන්පසු සුදුසු බාජනයක් ලිපේ තබා තෙල් ස්වල්පයක් දමන්න.තෙල් රත් වනවිට පදම් කරගත් මස් ටික දමා,මස් බැදී දුබුරැ පැහැ ගැන්වෙන විටදී ඉහත ආකාරයටම පදම් කරගත් ඉස්සො ටිකද එකර ඉස්සන් ටික බැදීගෙන එනවිට කපාගත් සොසේජස් එක් කරන්න. සියල්ල බැදීගෙන එනවිට සුදු ලූණු සහ ඉගුරු එක් කරන්න. විනාකිරි එක්කර  කලවම් කර එයට ලොකු ලූණු එක්කරන්න. කැරට් එක්කර හොදින් කලවම් කර මද ගින්නේ සුලු වේලාවක් තබන්න 
 
(  ඒ අතරතුර ස්ටොක් එකට ඉරිගු පිටි දමා හොදින් කලවම් කරගන්න, ස්ටොක් එකටම සෝයා සෝස් සහ ඔඊස්ටර් සෝස් එක් කර හොදින් කලවම් කරන්න)  ස්ටොක් එක දැන් පැත්තකින් තබා

ගෝවා, ලීක්ස්, බොරොකොලීන් ඉහත මස් එකටම එක් කරන්න ...හොදින් කලවම් කර බට්න් මශ්‍රෑම්, බේබි කෝර්න් එක් කරන්න. බොක්ස් චොප්සි, තක්කලි , වටු බිත්තරද එක් කර හොදින් කලවම් කරන්න ඉන්පසු ඉහත සාදාගත් ස්ටොක් එක ටික ටික ඉහත මස් සහ එලවලු වලට එක් කරන්න.. මද වෙලාවක් මදගින්නේ පිසගන්න.

උනුවෙන් කැමට ගන්න

8.තායි Seafood රයිස්




ටිකක් සැර රසකට කැමති නම් මෙන්න මේ බත ඔබට හොඳටම ගැලපෙනවා. මේ තායි ක්‍රමයට සකසන seafood බතක්. උණක් හෙම්බිරිස්සාවක් හැදිලා කෑම එපා වෙලා ඉන්න වෙලාවක මේ බත් එක අපූරුයි කියල අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.චිලි පේස්ට් ටිකක් එලවළු චොප්සියක් බැදගත් බිත්තරයක් එක්ක මේ බත් එක ඉතා රසවත්.

අවශ්‍ය දේවල්
  1.     පිරිසිදු කරගත් ඉස්සන්,මාළු,සහ දැල්ලන් එකතුව ග්‍රෑම් 400
  2.     තක්කලි ගෙඩි 2ක්
  3.     සේර අඟල් 3ක පමණ කැබැල්ලක්
  4.     කරබු නැටි, කරදමුංගු 5 බැගින්
  5.     සීනි ස්වල්පයක්
  6.     විනාකිරි තේ හැන්දක්
  7.     මිරිස් කුඩු තේ හැන්දක්
  8.     ගම්මිරිස් කුඩු තේ හැන්දක්
  9.     දෙහි හෝ ලෙමන් ගෙඩියක්
  10.     පොඩියට කපාගත් රතු සහ කහ බෙල් පෙපර් කප් 1\2
  11.     කපාගත් ලූනු ගෙඩියක්
  12.     සිහින්ව කපාගත් කැරට්
  13.     සිහින්ව කපාගත් ලූනු කොල
  14.     තලාගත් ඉඟුරු, සුදු ලූනු
  15.     සේර පොඩි කැබැල්ලක් එක් කර තම්බාගත් හාල් කප් 4 බත්
සාදාගන්න ආකාරය

තක්කලි ගෙඩි දෙක තම්බා පොතු හැර අබරාගන්න.
එයට විනාකිරි,සේර,සීනි, ලුණු ,කරාබු නැටි,කරදමුංගු,මිරිස් සහ ගම්මිරිස් කුඩු සමඟ වතුර කප් 1\4ක් එක් කර හොඳින් උතුරවා ගන්න.
මෙම සාදාගත් සෝස් එකෙන් කරාබු නැටි,කරදමුංගු,සේර කොටස් ඉවත් කර දෙහි හෝ ලෙමන් ගෙඩියක ලෙල්ල සිහින්ව ගාගෙන එක් කරගන්න.
ඉස්සන්,මාළු සහ දැල්ලන් ලුනු ගම්මිරිස් අතගා ගැඹුරු තෙලේ බැදගන්න.
තෙල් ස්වල්පයක් රත් වෙන්න තබා එයට ලූනු, ඉඟුරු, සුදු ලූනු සහ කැරට් එක් කර තෙම්පරාදු කරගන්න.
එයට සාදාගත් සෝස් එක ,බෙල් පෙපර් සහ රස අනුව ලුණු එක් කර බැදගත් මාළු වර්ග ටික එක් කර හොඳින් කලවම් කරගන්න.
මෙම මිශ්‍රණයට පිසගත් බත් එක් කර අවසානයට ලූනු කොල ටික මිශ්‍ර කරගන්න.

Comments

Popular posts from this blog

කෑම උයද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම්  පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න. 1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවක...

ධාන්‍ය වලින් රසවත් ආහාර වට්ටෝරු 3ක්..

ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි.  රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ. 1. කඩල, කව්පි මිශ්‍ර පිට්ටු අවශ්‍ය ද්‍රව්‍ය  රතු හෝ සුදු හාල් පිටි 250g ගා ගත් පොල්  ලුණු තම්බාගත් කඩල 100g තම්බාගත් රතු කව්පි 100g තම්බාගත් ග්‍රීන්පීස් 50g අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක් සාදාගන්නා ආකාරය ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.  දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.  අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.  මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය. 2. බතල ක...