ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම් පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න.
1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවකින් අවපැහැ ගැන්වෙන හේතුව මේකයි.එමනිසා ලූනු හැකි පමණ ආහාර පිසින වෙලාවට සුද්දකර පෙති කපාගන්න.
2.මඤ්ඤොක්කා, ගෝවා, මල් ගෝවා, බ්‍රොකොලි වැනි සල්ෆ සංයුතියක් සහිත කෑම වර්ග පිසීමේදී පියන වසන්න එපා. හුමාලයත් සමග අහිතකර රසායනිකයන්ට පිටවෙන්න දෙන්න.
3. ඉගුරු සහ මඤ්ඤොක්කා එක ලග ආහාරයට ගන්න එපා. මේවා වල ඇති එකිනෙකට වෙනස් රසායනිකයන් බඩවැල් වලදී එකතුවෙන්නට පුලුවන්.
4. විනාකිරි යෙදූ මස්, මෝජු, සිංහල අච්චාරු, මැලේ පිකල් පිසීමේදී සහ ගබඩා කිරීමේදි කිසිම අවස්ථාවක ඇලුමිනියම් භාජන භාවිතා කරන්න එපා. විනාකිරි ඉතා වේගයෙන් ඇලුමිනියම් හෙවත් සින්ක් රසායනිකය සමග ක්‍රියා කරනවා. ඒ මගින් අහිතකර විෂ රසායනිකයන් කෑම වල හදනවා.
5. හැම අවස්ථාවකම ලොකු මාලු හෙවත් කෑලි මාලු පිසින විට අවම වශයෙන් පැයක් දෙහි සහ ලුණු වල දමා පසුව සෝදාගන්න. ලොකු මාලු හෙවත් තලපත්, කෙලවල්ලන්, පරව් වැනි මාලු අල්ලන්නේ බහුදින යාත්‍රා වලිනුයි. මේ මාලු ඔබේ කුස්සියට එන්නට පෙර මාස 3ක කාලයක් ශීතාගාර වල තබනවා. එසේ තැබීමේදී අසාමාන්‍ය රසායනිකයන් එයට මිශ්‍ර කරනවා. මේ නිසා එම ආහාර එසැනින් පිසුවොත් එම විෂ රසායනිකයන් ඔබේ ශරීරයට එකතු වෙනවා. එම නිසා කහ සහ දෙහි දමා පැයක් පමණ තබා පිසින්න. පිසීමේදීත් සුදුලූනු, කහ සහ දෙහි වැඩිපුර එකතු කරන්න. හැකිනම් හැමවිටම කුඩා මාලු පිසින්න. ඒවාට ෆෝමලින් එකතු කරන්නේ අල්ප වශයෙන්.
6. ගෙදර චයිනීස් කෑම පිසිනවාන්ම් සෝයා සෝස් එකතු කරන්නේ පරිස්සමින්. ලෝක කෑම විෂ වීම් වලින් 50% කට වහ කියන්නේ සෝයා සෝස්. ඉතාම සංකීර්ණ ජාන වෙනස්කම් කිරීමකින් සෝයා හදන නිසා මේ තත්ත්වය ඇතිවෙනවා. එම නිසා ස්වාභාවික රසකාරක වන කරපිංචා, රම්පා, සේර, ඉගුරු, සුදුලූනු, කරදමුංගු වැනි දේවල් ගැන විශ්වාසය තබන්න.
7. ඔබ දරුවන්ට කන්න දෙන්න ගෙදරට ඇපල් ගේනවා නම් විනාකිරි තේ හැන්දක් දැමූ වතුරේ ඇපල් ගෙඩි ටික පැය බාගයක් දමා සේදීමෙන් පසුව දරුවාට දෙන්න. ඔබ මේ අද කන ඇපල් ගෙඩිය ඔස්ට්‍රේලියාවේ ඇපල් වත්තකින් කැඩුවේ මීට මාස දෙකකට පෙරයි. එසේනම් මේ ඇපල් ගෙඩිය නැවුම්ව් තිබෙන්නේ කොහොමද... ඒ ඇපල් සම මතුපිටට එක් කරන අධි සාන්ද්‍ර ලැමිනේටින් එකක් නිසායි. මේ නිසා ඇපල් ගෙඩිය හදිසියේම ඉදීම වලකිනවා. එය ඉවත්කර දරුවාට කන්න දෙන්න. නැත්නම් දේශීය පලතුරු වලට දරුවාව යොමුකරන්න.
8. ඔබ නිවසට බ්‍රොයිලර් චිකන් ගේනවානම් කිසිම අවස්ථාවක එහි සම සමග පිසින්න එපා. කුකුලන් මැරීමට සතියකට පෙර ෆාම්වලදී විදින එන්නත් වල විෂ වැඩියෙන්ම ඇත්තේ කුකුල් සම මතුපිටයි. එම නිසා හැකි තරම් සම ඉවත් කරන්න.
9. ඔබ නිතර හාල්මැස්සන් කරවල හදනවානම් ඊට තක්කාලි එකතු කරන්නේ තරමක් පරිස්සමින්. හාල්මැස්සන්ගේ ඇති කැල්සියම් තක්කාලි වල ඇති රසායනිකයන් සමග එකතුවී විෂ රසායනිකයක් නිර්මාණය වීමේ අවධානමක් තිබෙනවා. එය හැමවිටම සිදුවන්නෙත් නැහැ. නමුත් සිදුවිය හැකියි. හොදම දේ තක්කාලි වෙනුවට දෙහි හෝ ගොරකා දමන්න. අවදානම නොගෙන ඉන්න.
10. ගෙදර හරියට පැරසිටමෝල් බොනවා. ඒ වගේම කෝලා බීමත් බොනවා. කිසිම අවස්ථාවක කිසිම කෙනෙක් පැරසිටමෝල් පෙති සමග හෝ ඉන් පසුව හෝ ඊට කලින් කෝලා බීම වර්ග බොන්නට දෙන්න එපා. කෝලා බීම වල ඇති රසායනිකයන් පැරසිටමෝල් සමග ක්‍රියාකාරී වී විෂ රසායනිකයන් හදනවා.
11. ඔබ නිවසට ගේන සැමන් ටින් එක තරමක් පලුදු වී ඇත්නම් එය මිලට ගන්න එපා. එසේම එය තරමක් පිම්බී ඇත්නම් එයද මිලට ගන්න එපා. මේ සැමන් ආහාරයට නුසුදුසුයි. පලුදු වීම නිසා සැමන් ටින් එකේ ඇතුලත ටින් මතුපිටේ ඇති ගැල්වනයිස් රසායනිකය මාලු සමග ක්‍රියා කරනවා. එය අහිතකර වායුවක් සහ විෂක් නිර්මාණය කරනවා. එම නිසා එවැනි සැමන් මිලට ගන්න එපා.
12. ඔබ පලා වර්ග නිතරම පිසිනවානම් එයට හොදින් පොල්, කරපිංචා, කුරුදු පොතු, සුදුලූනු සහ දෙහි එකතු කරන්න. පලා වර්ග ඉතාම ඉක්මනින් පසේ ඇති ඛනිජ වර්ග උරාගන්නවා. ඒවා නරක නැහැ නමුත් පලා වර්ග 2ක් 3ක් එක් කර පිසින විට තරමක් අසාත්මිකතා ඇතිවෙන්න පුලුවන්. එම නිසා එය පොල්,කරපිංච, දෙහි, සුදුලූනු හොදින් එකතු කරන්න ... ඉන් අහිතකර භූගත ඛනිජ ද්‍රව්‍ය නැතුව යනවා.
13. ඉතා අහිතකර ලෙස විස විය හැකි සුලභ කෑමක් වන්නේ පාන්. එසේ වන්නේ පාන් වල ඇති යීස්ට් හැමවිටම ක්‍රියාකාරී මට්ටමේ තිබෙන නිසායි. මේ යීස්ට් ප්‍රමාණය ඉක්මවා වැඩෙද්දී එය ශරීරයට අහිතකර වෙනවා. සමහර හොර කසිප්පු බොන මිනිස්සු මැරෙන්නේ ඒකයි. කසිප්පු හදන්නේ යීස්ට් දාලයි. පාන් පරණ වෙද්දී යීස්ට්වලත් හොර කසිප්පු වල ඇති රසායනිකයන් හැදෙනවා. එම නිසා හැම විටම හොද තැනකින් අලුත් පාන්ම ගන්න.
14. කිරි බොනකොට පරිස්සමින් බොන්න. ඉතාම ඉක්මනින් විෂ විය හැකි සුලභම පානය වන්නේ කිරියි. දියර කිරි ගබඩා කර ඇති ශීතකරණයේ උෂ්ණත්වය නිසි ලෙස තිබෙනවාද බලන්න. එසේ නොමැති වුවහොත් කිරිවල අහිතකර දිලීර වැඩී තිබෙන්නට පුලුවන්. හැම විටම අලුත් කිරි බොන්න.
15. ඌරු මස් කන්නේ බලාගෙනයි. ඌරාට අනෙක් සතුන්ට මෙන් ස්වේත ග්‍රන්ථි පිහිටා නැහැ. ඒ කියන්නේ ඌරාට දහඩිය දාන්නේ නෑ. මේ හේතුව නිසා ඌරාගේ ශරීරයේ නිපදවෙන විෂ සම යට ඇති තෙල් තට්ටුවේ තැන්පත් වෙනවා. බොහෝ දෙනා රස කර කන්නේ එයයි. එවැනි මස් වර්ග කෑමෙන් පරිස්සම් වෙන්න.
Obata godak pin
ReplyDelete