දැන් උත්සව කාලෙත් ලග ලගම එනවනේ ඉතින් අද අපි ගෙනාවෙ පොඩි වම්බටු වලින් හදන රසවත් වම්බටු කරියක්. අවශ්‍ය ද්‍රව්‍ය හොද දම් පැහැති පොඩි වම්බටු ගෙඩි 8ක්. අබ ඇට තේ හැදි බාගයක් මාදුරු ඇට තේ හැදි කාලක් සූදුරු ඇට තේ හැදි කාලක් කරපිංචා කිනිති 3ක් සිහින්ව කොටු කපාගත් බී ලූනු ගෙඩි 2 ක් දෙහි ඇඹුල් බින්දු දෙක තුනක් එළවළු තෙල් මේස හැදි 6ක් අඹරාගත යුතු පහේ පේස්ට් එක රතුලූනු ගෙඩි 7ක් ඉදුණු තක්කාලි ගෙඩි 2 ක්. හතරට පහට කපාගන්න. ඉගුරු අගලක කැබැල්ලක් සුදුලූණු බික් 4ක් කජුමද 5ක් ගාගත් පොල් කෝප්ප බාගයක් මිරිස් කුඩු තේ හැදි 3ක් කොත්තමල්ලි කුඩු තේ හැදි 2ක් කහ කුඩු තේ හැදි බාගයක් ලුණු තේ හැදි 1ක් සීනි තේ හැදි 1ක් ඉහත සදහන් ටික බ්ලෙන්ඩරයට දමා තනි පේස්ට් එකක් වන සේ සිහින්ව අඹරා පසෙකින් තබාගන්න. සාදාගන්නා ආකාරය පොඩි වම්බටු ගෙඩිවල එහි දිග අතට කැපුම් හතරක් දමන්න. ගෙඩිය වෙන් නොවනසේ. දැන් මේ කපාගත් වම්බටු වල කැපුම් පාරවල් අතරින් සාදාගත් පේස්ට් එකෙන් ටික ටික ගෙන දමන්න. ඇතුලට පේස්ට් එක අල්ලන ලෙස දාගන්න. ඉතිරි...