Skip to main content

Posts

Showing posts from September, 2019

පොඩ්ඩන්ට ඉදි ආප්ප කවන්න ලේසිම විදිහක්

අද රෙසිපිය ගේන්නේ අපේ පොඩ්ඩන්ට. පොඩ්ඩන්ට වගේම ලොකු අයටත් මේක රසවත් කෑමක්. අපේ පොඩ්ඩෝ කොහොමත් කෑමට ටිකක් හොරයිනේ. ඒක අපේ අම්මල අත්දැකීමෙන් දන්න දෙයක්. අද අපි රස රහස් පේජ් එකෙන් ගෙන එන්නේ ඉදිආප්ප කන්න අකමැති පොඩ්ඩොන්ට ඉදිආප්ප කවාගන්න පුළුවන් රසවත් විදිහක් ගැන. අවශ්‍ය ද්‍රව්‍ය  අතින් පොඩියට කඩාගත් සුදුකැකුළු ඉදි ආප්ප කෝප්ප 1 ක්. බටර් තේ හැදි 2 ක්.  අබ තේ හැදි කාලක්. පොඩ්ඩ ආස නැත්නම්  අඩුවෙන් දාන්න. කෑලි කජු තේ හැදි 2 ක්. සිහින්ව අඹරාගත් ඉගුරු තේ හැදි බාගයක්. ලියාගත් අමුමිරිස් කරල් බාගයක් - දැවිල්ල කන්නෙ නැති බබාලට නොදා ඉන්න. කරපිංචා ස්වල්පයක්.  දෙහි බිංදු 4ක් 5ක්. කහකුඩු තේ හැදි කාලක්. රස අනුව ලුණු  සීනි තේ හැදි බාගයක්. පොල් කිරි හෝ සාමාන්‍ය දියර කිරි මේස හැදි 2 ක්. සාදාගන්නා ආකාරය  පිරිසිදු සාස්පානක් ගන්න. එයට බටර් ටික දමන්න. බටර් රත්වීගෙන එද්දී එයට අබ ඇට ටික දමන්න. අබ ඇට පුපුරද්දී එයට කෑලි කජු සහ කරපිංචා දමන්න. කරපිංචා පුපුරද්දී එයට අමුමිරිස් සහ ඉගුරු ටික දමන්න.  විනාඩියක් පමණ මදගින්නේ තෙම්පරාදු කරන්න. දැන් එයට කහකුඩු ටික දමා...

කටට රසට මෝජු වර්ග 7 ක්

1. පොලොස් මෝජු  අවශ්‍ය ද්‍රව්‍ය පොලොස් 200g අවශ්‍ය ප්‍රමාණයට හාල්මැස්සන්  මළුමිරිස් කරල් 2ක් හෝ 3ක්(රවුමට කපාගත්) අමු මිරිස් කරල් 3ක් හෝ 4ක්(දෙකට මැදින් පලාගත්.) ලූනු 50g(දිග පෙති හැඩයට කපාගත්) අඹරාගත් අබ තේ හැදි 2 ක්  මිරිස් කුඩු තේ හැදි 1 ක්  අඹ චට්නි මේස හැදි 2 ක්  සීනි මේස හැදි 2 ක්  ලුණු අවශ්‍ය ප්‍රමාණයට  විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට  සාදාගන්නා ආකාරය  පොලොස් අගල්  1/2 ක් වන සේ කොටු ආකාරයට කපාගන්න. එය විනාකිරි, වතුර, සීනි , ලුණු එකතුකර තම්බාගන්න. මාළුමිරිස් , අමුමිරිස් , ලූනු ටිකද තම්බා පසෙකින් තබන්න. භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතු කර එයට තම්බා ගත් පොලොස් සහ ලූනු, මාළුමිරිස් , අමුමිරිස් එකතු කරන්න. 2.තලන බටු මෝජු අවශ්‍ය ද්‍රව්‍ය තලන බටු 200g මිරිස් කුඩු මේස හැදි 1 ක් සීනි මේස හැදි 2 ක් විනාකිරි මේස හැදි 3 ක් පමණ  කහකුඩු ස්වල්පයක්  ලුණු අවශ්‍ය ප්‍රමාණයට  අබ මේස හැදි 1 ක්(අඹරාගත්) රතුලූනු 50g අමුමිරිස් කරල් 4 ක් හෝ 5ක්(දෙකට පලා...

හදාගෙන තියාගෙන කන්න පුළුවන් විශ්මිත රසැති රතුලූණු කරියක්...

සූපවේදී ගයන්ත මද්දුමගේ විසින් ඉදිරිපත් කරන රහස් කෑම වට්ටෝරු ලිපි මාලාවෙන් උපුටා ගත් රසවත් රහස් කෑම වට්ටෝරුවක් තමයි අද ඉදිරිපත් කරන්නේ.                     රතුලූනු කලුපොල් කරිය. රතුලූනු කරිය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ... පොතු හැර දෙකට පලාගත් රතුලූනු කෝප්ප 2 ක්. (250g පමණ) ලියාගත් අමු මිරිස් කරල් 2 ක්. කරපිංචා අහුරක්. සියඹලා පේස්ට් මේස හැදි 2 ක්.( දෙහි ගෙඩියක් තරම් සියඹලා ගුලියක් ගෙන වතුර කෝප්ප කාලක දියකර ඇට ඉවත් කර පෙරා ගන්න.) සිහින්ව ලියාගත් කිතුල් හකුරු මේස හැදි 2 ක්.( සිහින්ව ලියාගත් හකුරු වතුර කෝප්ප කාලක දියකරගෙන හකුරු සිරප් එක හදාගන්න. ) ලුණු අවශ්‍ය ප්‍රමාණයට. වතුර අඩු කෝප්ප 1 ක්. පොල් තෙල් මේස හැදි 2 ක්. කබලේ බැදගෙන කුඩුකරගත යුතු මිශ්‍රණය... සිහින්ව ලියාගත් පොල් කෝප්ප 1 1 /2 ක්.  සූදුරු තේ හැදි කාලක්. කහ තේ හැදි බාගයක්. මිරිස් කුඩු තේ හැදි 2 ක්. කොත්තමල්ලි කුඩු තේ හැදි 3 ක්. වතුර කෝප්ප කාලක්. තෙම්පරාදුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය ... පොල් තෙල් මේස හැදි 2 ක්. සූදුරු තේ හැදි කාලක්. පොල් කෑලි මේස හැදි ...

කුකුල් මස් අලුත් විදිහකට හදන්න රහස් වට්ටෝරුවක්.

කුකුල් මස් අච්චාරුව. අවශ්‍ය දේවල් කුකුල් මස් කිලෝ 1 ක් ( අලුත් මස් ගන්න. අගලයි අගල ප්‍රමාණයට කපා ගන්න.) ඉගුරු සුදුලූනු අඹරාගත් පේස්ට් එකෙන් හැදි 1 1/2 ක්. හොද රතුපාටක් තියෙන මිරිස් කුඩු මේස හැදි 1 1/2 ක්. කහ තේ හැදි 1/2 ක්. ලොකු දෙහි ගෙඩි 3ක් යුෂ. ( විනාඩි 2 ක් රත් කරන්න. පසුව සිසිල් වෙන්න තබා පසෙක තබන්න.) හොද මේස ලුණු තේ හැදි 1 1/2ක්. සුදු පොල් තෙල් මේස හැදි 5 ක්. පහත කුලුබඩු කබලේ හොදින් බැදගෙන කුඩුකර ගන්න. කොත්තමල්ලි මේස හැදි 3 ක්. සූදුරු මේස හැදි 1ක්. තල ඇට මේස හැදි 1ක්. උලුහාල් ඇට තේ හැදි 1 ක් . කරාබු නැටි 6 ක්. අලුත් කුරුදු අගල් දෙකක කැබැල්ලක්. කරදමුංගු 2 ක්. ස්ටාර් අනීස් ( මේ කුලුබඩුවත් සුපිරි වෙළද සැල්වල ගන්න තියෙනවා. ) මේ සියල්ල තරමක් කබලේ බැදගෙන හොදින් කුඩුකරගෙන තියාගන්න. තෙම්පරාදුවට අවශ්‍ය දේවල් උලුහාල්  තේ හැදි 1/4 ක්. කරපිංචා කොළ රතු වියළි මිරිස් කරල් 5 ක්. යන්තමට තලාගත් සුදුලූනු බික් 15ක්. සුදු පොල් තෙල් කෝප්පයක් . කුකුල් මස් අච්චාරුව හදන හැටි පහේ ටික එකිනෙක වෙන වෙනම පරිස්සමින් බැදගන්න. අඩු ගින්දරේ බදින්න. පසුව බ්ලෙන්ඩ...

කෑම උයද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම්  පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න. 1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවක...

ඉදිආප්ප රසට කන්න තක්කාලි හොද්දක් තරම් රස දෙයක් තවත් තියෙනවද?

1.  තක්කාලි තෙම්පරාදු හොද්ද... ඉදුනු තක්කාලි ගෙඩි 4 ක් ගන්න. හතරට පලාගන්න. ලූනු ටිකක් අමුමිරිස් ටිකක් ලියාගන්න. අබ තේ හැදි 1/2 ක් සූදුරු තේ හැදි 1/2 ක් එකට දාල අඹරා ගන්න. සාස්පානක් අරගෙන එයට තක්කාලි, ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා, රම්පා පොඩි කැබැල්ලක්, උලුහාල් තේ හැදි 1/4ක්, කහ තේ හැදි 1/2 ක්, මිරිස් කුඩු තේ හැදි 2 ක්, අඹරාගත් අබ සූදුරු මිශ්‍රණය, ලියාගත් සුදුලූනු බික් 4 ක්,කුරුදු පොතු කැබැල්ලක් දාන්න. එයටම ලුණු තේ හැදි 1 ක් දමන්න. දැන් මේ තක්කාලි ටිකට හොද මිටිකිරි කෝප්ප 2 ක් දාන්න. එහෙම දාල හොදට අතගාල ලිපේ තියන්න. විටින් විට හැදි ගාන්න. හොද්ද උතුරාගෙන එනකොට ටිකක් වැඩියෙන් හැදිගාන්න. හොද්ද කැටි වුනොත් තක්කාලි වල ඇඹුල් රසය ඉස්මතුවෙන්න ගන්නවා. ඒනිසා හොද්ද ටික වේලාවක් උතුරුවාට පස්සේ ලිප වහන්න. දැන් සාස්පානේ තියෙන හොද්ද වෙන බදුනකට මාරුකරල එම සාස්පානටම පොල්තෙල් මේස හැදි 1 1/2ක් දාන්න. එයට ලියාගත් ලූනු ගෙඩි 1/2 ක් සමග අබ තේ හැදි 1 ක් දාන්න. අබ ඇට පුපුරාගෙන එද්දී එයට වියලි මිරිස් කරල් 2ක් කඩලා දාන්න. විනාඩියක් තෙම්පරාදු කරල එකට කරපිංචා ඉති 2ක් දාන්න. දැන් මේ තෙම්පරාදුවට අවශ...

රසම රස බත් වර්ග 8 ක්

1.කබ්සා රයිස් අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටි...

කෑම රසකර ගන්න ගෙදරදිම සාදාගන්න පුලුවන් පහේ කුඩු වර්ග 6 ක්

කෑම රසකර ගන්න ගෙදරදිම සාදාගන්න පුලුවන් පහේ කුඩු වර්ග 6 ක් 1. බැදපු තුනපහ අපේ තාලෙට කරියක් හදාගන්න කොට බැදපු පහේ ටිකක් ඕනෙමයි. පොලොස් මාළුවට, මස් කරියට, මාළු කරියට වගේ සැරට හදාගන්න කොයි කරියටත් බැදපු පහේ ටිකක් දාගත්තෙ නැත්නම් රස සුවඳ ගාණට නෑ. අවශ්‍ය ද්‍රව්‍ය කොත්තමල්ලි ඇට 300g සූදුරු 100g මාදුරු 10g කුරුඳු අඟල් 4 සේර අඟල් 4 කරදමුංගු ඇට 5යි කරාබු නැටි 10යි හාල් තේ හැඳි 6 රම්පෙ අඟල් 5ක් කරපිංචා ඉති 3ක් මේ සියල්ලම වෙන වෙනම රන්වන් පැහැයට වඩා තද පැහැයක් ගන්නා තුරු කර නොකර ගෙන කබලේ බැදගන්න. තරමක් නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින ලෙස අසුරා තබාගන්න. මාසයකට වඩා කල් තබාගන්න හදාගන්නවා නම් හාල් එක් කරගන්න එපා. පහේ වලට හාල් එක් කර ගැනීමෙන් වැඩි රසයක් සහ කරියට උකු බවක් ලබා දෙනව. 2. අමු පහේ සුදට හදන ඕනෙම හොද්දකට පරිප්පු කරියකට අමු පහේ ටිකක් නම් නැතුවම බෑ. අමු පහේ හදන කොට වැඩිපුර ප්‍රමාණයක් හදා නොගෙන මාසයකට පමණ ඇති ප්‍රමාණය හදාගන්නව නම් වඩා හොඳයි. කල් තබා ගන්න කාලය වැඩි වෙන තරමට පහේ වල රසත් සුවඳත් අඩු වෙනව. අවශ්‍ය ද්‍ර...