1. පොලොස් මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
- පොලොස් 200g
- අවශ්‍ය ප්‍රමාණයට හාල්මැස්සන්
- මළුමිරිස් කරල් 2ක් හෝ 3ක්(රවුමට කපාගත්)
- අමු මිරිස් කරල් 3ක් හෝ 4ක්(දෙකට මැදින් පලාගත්.)
- ලූනු 50g(දිග පෙති හැඩයට කපාගත්)
- අඹරාගත් අබ තේ හැදි 2 ක්
- මිරිස් කුඩු තේ හැදි 1 ක්
- අඹ චට්නි මේස හැදි 2 ක්
- සීනි මේස හැදි 2 ක්
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට
සාදාගන්නා ආකාරය
පොලොස් අගල් 1/2 ක් වන සේ කොටු ආකාරයට කපාගන්න. එය විනාකිරි, වතුර, සීනි , ලුණු එකතුකර තම්බාගන්න. මාළුමිරිස් , අමුමිරිස් , ලූනු ටිකද තම්බා පසෙකින් තබන්න.
භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතු කර එයට තම්බා ගත් පොලොස් සහ ලූනු, මාළුමිරිස් , අමුමිරිස් එකතු කරන්න.
2.තලන බටු මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතු කර එයට තම්බා ගත් පොලොස් සහ ලූනු, මාළුමිරිස් , අමුමිරිස් එකතු කරන්න.
2.තලන බටු මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
- තලන බටු 200g
- මිරිස් කුඩු මේස හැදි 1 ක්
- සීනි මේස හැදි 2 ක්
- විනාකිරි මේස හැදි 3 ක් පමණ
- කහකුඩු ස්වල්පයක්
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- අබ මේස හැදි 1 ක්(අඹරාගත්)
- රතුලූනු 50g
- අමුමිරිස් කරල් 4 ක් හෝ 5ක්(දෙකට පලාගත්)
- මාළුමිරිස් කරල් 2 ක් හෝ 3ක් (රවුමට කපාගත්)
- අඹ චට්නි මේස හැදි 1 ක්
- බැදගත් හාල්මැස්සන් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
තලනබටු සෝදා නැට්ට වෙන් නොවනසේ හතරට පලාගන්න. එහි ඇට ඉවත් කර කපා ලුණු අතගා ගැඹුරු තෙලේ බැදගන්න.
භාජනයක් ලිප තබා එයට විනාකිරි, චට්නි, සීනි, මිරිස් කුඩු, කහකුඩු, අබ සියල්ල එකතුකර හැදිගාමින් විනාඩි 3ක් පමණ මදගින්නේ පිසගන්න. ඉන්පසු සුද්දකර ගත් රතුලූනු, කපාගත් අමුමිරිස්, මාළුමිරිස් එකතුකර ලිපෙන් බා බැදගත් තලනබටු එකතු කරන්න.
3. කැරට් මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
- කැරට් 200g
- මාළුමිරිස් කරල් 2 ක් හෝ 3ක්(දිගටි පෙති කපාගත්)
- අමුමිරිස් කරල් 3ක් හෝ 4ක්(දිගටි රවුමට කපාගත්)
- රතුලූනු 50g
- අඹරාගත් අබ තේ හැදි 2 ක්
- මිරිස් කුඩු තේ හැදි 1 ක්
- චට්නි මේස හැදි 1 ක්
- සීනි මේස හැදි 2 ක්
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට
සාදාගන්නා ආකාරය
කැරට් අගල් 1ක් පමණ දිගට සෙන්ටිමීටරයක් පමණ පළලට සිහින්ව කපාගන්න. එය විනාකිරි, වතුර, සීනි, ලුණු එකතුකර තම්බාගන්න. මාළුමිරිස්, අමුමිරිස්, ලූනු ටිකද තම්බා පසෙකින් තබාගන්න.
භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතුකර එයට තම්බා ගත් කැරට් සහ ලූනු අමුමිරිස්, මාළුමිරිස් එකතු කරන්න..
4. ඇපල් අන්නාසි මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල් 100g
- අන්නාසි 100g
- අමුමිරිස් කරල් 4ක් හෝ 5ක්
- අඹරාගත් අබ මේස හැදි 1 ක්
- මිරිස් කුඩු තේ හැදි 1 ක්
- විනාකිරි කෝප්ප බාගයක්
- සීනි මේස හැදි 1 ක්
- අඹ චට්නි මේස හැදි 1 ක්
- අවශ්‍ය ප්‍රමාණයට ලුණු
සාදාගන්නා ආකාරය
පළමුව අන්නාසි හා ඇපල් කොටු හැඩයට කපාගන්න. නැත්නම් සිහින්ව දිගට කපාගන්න. ඉන්පසු සියලු අමුද්‍රව්‍ය එකතු කර කලවම් කර රසවිදින්න.
5.වම්බටු මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
- වම්බටු 200g
- බීලූනු ගෙඩියක්(දිගටි හැඩයට කපාගත් )
- රතුලූනු 30g
- අමුමිරිස් කරල් 5 ක් හෝ 6ක්(මැදින් පලාගත් )
- මාළුමිරිස් කරල් 2 ක්(රවුමට කපාගත්)
- අබ මේස හැදි 1 ක් (විනාකිරෙන් පොගවා අඹරාගත් )
- මිරිස් කුඩු තේ හැදි 1 ක්
- විනාකිරි කෝප්ප බාගයක් පමණ
- සීනි මේස හැදි 2 ක්
- අඹ චට්නි මේස හැදි 1 ක්
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- තක්කාලි සෝස් මේස හැදි 1 ක්
- බැදගැනීමට අවශ්‍ය තෙල්
- බැදගත් හාල්මැස්සන් ස්වල්පයක්
සාදාගන්නා ආකාරය
වම්බටු හොදින් සෝදා සිහින් තීරු කපා කහ ලුණු අතගා ගැඹුරු තෙලේ බැදගන්න. එය තෙල් බේරෙන්නට පසෙකින් තබා අමුමිරිස්, රතුලූනු, මාළුමිරිස් රතවූ තෙලට දමා පාට වෙනස් නොවන සේ බැදගන්න.
භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, ලුණු, විනාකිරි, සීනි, චට්නි, තක්කාලි සෝස් මේ සියල්ල හොදින් මිශ්‍ර කරන්න. ඉන්පසු එයට බැදගත් බටු සහ ලූනු , අමුමිරිස්, මාළුමිරිස් එකතු කරන්න. ( බැදගත් හාල්මැස්සන් එකතු කරනේනම් වඩාත් රසවේවි.)
6. කුකුල් මස් මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
- කුකුල් මස් 100g
- මිරිස් කුඩු තේ හැදි 2 ක්
- සීනි මේස හැදි 2 ක්
- චට්නි මේස හැදි 2 ක්
- අඹරාගත් අබ මේස හැදි 1 ක්
- විනාකිරි කෝප්ප කාලක් පමණ
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- ගම්මිරිස් ස්වල්පයක්
- දෙකට පලාගත් අමුමිරිස් කරල් 2ක් හෝ 3ක්
- ඇට ඉවත්කර රවුමට කපාගත් මාළුමිරිස් කරල් 2 ක් හෝ 3ක්
- කපාගත් ලූනු
- කහ තේ හැදි කාලක්
- බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
පළමුව කුකුල් මස් වල කටු ඉවත්කර කොටු හැඩයට කපාගන්න. ඉන්පසු මිරිස් කුඩු, කහකුඩු, ගම්මිරිස් කුඩු, ලුණු එකතුකර ගැඹුරු තෙලේ විනාඩි 3ක් පමණ බැදගන්න.
භාජනයක් ලිප තබා තෙල් ස්වල්පයක් එක් කරන්න. තෙල් රතවන විට ලූනු, අමුමිරිස්, මාළුමිරිස්, ලුණු, ගම්මිරිස්, සීනි, චට්නි හා අඹරාගත් අබ එකතුකර හොදින් කලවම් කර එයට කලින් බැදගත් කුකුල් මස් ප්‍රමාණයද එකතුකර ලිපෙන් බාගන්න.
7. ඉස්සෝ මෝජු
අවශ්‍ය ද්‍රව්‍ය
- පොතු ඉවත්කරගත් අමු ඉස්සන් 100g
- මිරිස් කුඩු තේ හැදි 2 ක්
- සීනි මේස හැදි 2 ක්
- අඹ චට්නි මේස හැදි 2 ක්
- අඹරාගත් අබ මේස හැදි 1 ක්
- විනාකිරි කෝප්ප කාලක්
- ලුණු අවශ්‍ය ප්‍රමාණයට
- ගම්මිරිස් ස්වල්පයක්
- දෙකට පලාගත් අමුමිරිස් කරල් 3ක් හෝ 4ක්
- ඇට ඉවත් කර කොටුවට කපාගත් මාළුමිරිස් කරල් 2 ක් හෝ 3ක්
- කපාගත් ලූනු
- බැදගැනීමට තෙල්
- කහකුඩු තේ හැදි කාලක්
සාදාගන්නා ආකාරය
පළමුව පොතු ඉවත්කරගත් අමු ඉස්සන් වලට මිරිස් කුඩු, කහ, ගම්මිරිස්, ලුණු දමා කලවම් කර ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තබන්න.
භාජනයක් ලිප තබා විනාකිරි,ලූනු, අමුමිරිස්, මාළුමිරිස්, මිරිස් කුඩු, ගම්මිරිස්, චට්නි, සීනි, අබ, ලුණු දමා හොදින් මිශ්‍ර කර බැදගත් ඉස්සන්ද එක්කර හොදින් කලවම් කර ලිපෙන් බාගන්න.
Comments
Post a Comment