Skip to main content
කොච්චර ට්‍රයි කළත් ඕන කරන රස එන්නෙ නැද්ද?

හැමදාම හදන එළවළු, මස් මාළුවල රස එක වගේද?




අවුලක් ගන්න එපා. මෙන්න තියෙනව, අපෙන් ඒකට නියම විසඳුමක්. ලොකු මහන්සියක් නැතුව, නිතර දෙවේලෙ කුස්සියෙ තියෙන දේවල් වලින් කරන්න පුළුවන් සුපිරි වැඩ කිඩ ටිකක්. නිකමට කරල බැලුව නම් ඉතින් හැමදාමත් ගෙදර කෑම වේල තරු 5යි තමයි. අනික මේවට එක රුපියලක්වත් වියදම් වෙන්නෙත් නෑනෙ. එකම දේ තමයි, කල්තියා ලෑස්ති කරල තියා ගත්ත නම්, එතකොට කෑම උයන වෙලාවට ගත්ත දැම්ම!

1. බැදපු හාල් කුඩු

මස් කරියක්, මාළු කරියක් කඩෙන් ගෙනාවාම හොද්ද සෑහෙන්න උකුයි නේ. අනික අමුතු රසකුත් තියෙනව නේ. අන්න ඒ රස ගන්න, කඩවල්වල කට්ටිය නම් දාන්නෙ කෝන් පිටි. හැබැයි ඔයා කෝන් පිටි දාන්න එපා. ඇඟටත් හොඳ, වියදමකුත් නැති හාල් පිටි ටිකක් දාන්න. ඒකත් නිකම් හාල් පිටි නෙවෙයි, බැදපු හාල් පිටි. හාල් ටිකක් අරගෙන කබලෙ බැදල, කුඩු කරල, හලල ගත්ත නම් හරි.

2. රා මණ්ඩි

හොයා ගන්න නම් ටිකක් අමාරුයි තමයි. හැබැයි හොයා ගත්තොත් පංකාදු පහයි. දන්නවනෙ රා මණ්ඩි. රා පෙරළ ඉවර වුණාම මුට්ටියෙ ඉතුරු වෙන ටික. ඕවයින් ටිකක් පාන් පිටි, හාල් පිටි වලින් හදන කෑම වලට දැම්ම නම් අායෙ ටොපේ ටොප්. විශේෂයෙන්ම ආප්ප, තෝසෙ, වණ්ඩු, බනිස්, කේක් වගේ පිටි පිපෙන්න ඇරල හදන කෑම වලට. මොකද රා මණ්ඩි වලට, පිටි හොඳ පදමට පිපෙනව වගේම රස දෙගුණ තෙගුණ කරන කිරි රසකුත් එනවනෙ.

3. සුදු ලූණු

කොහොමත් එළවළුවක් උයද්දි සුදු ලූණු දානවනෙ. එහෙම නෙවෙයි, සුදු ලූණු බික් ටිකක් සුද්ද කරල පෙති ගහල කබලෙ බැදල දාලා බලන්නකො. එහෙම නැත්නම් අඟුරු අස්සෙ දාලා පොඩ්ඩක් පුච්චල කරල දාලා බලන්නකො. වෙනදට පිඟානෙන් සුදු ලූණු අයින් කරන අයත් සුදු ලූණු කයි. ඒ තරම් රස. අනික ව්‍යංජනයටත් අමුතුම රසක් එනවනෙ. ඒ හැරුණාම ඉතින් ඇඟේ විස මැකෙන්නත් කියාපු බෙහෙතනෙ.

4. ගස්ලබු ගැට


මෙන්න හොඳම එක. විශේෂයෙන්ම පෝර්ක්, මට්න්, කරි චිකන් හරියට හදා ගන්න බැරි අයට සෑහෙන්න වටිනව. ඔය මස් හදද්දි කෑලිවල තියෙන හයිය ගතිය යවන්න කියාපුම භාණ්ඩෙ තමයි අපි කියන්න යන්නෙ. ඒ විතරක් නෙවෙයි, හොද්දට පොඩි උකු ගතියක් එන්න, කුළු බඩු, ගොරක සුදු ලූණුවල රස මතුවෙන්න වගේම, හොද්දට හොඳ පාටක් එන්නත්, දාන්න හීනියට ලියා ගත්තු ගස්ලබු ගැටයක්. ආයෙ ඉතින් බය වෙන්න දෙයක් නෑ, ගමේ ගෙදරක හැදුව වගේ තමයි රස.

5. හුණු චුට්ටක්

ඔය තද කොළ පාට එළවළු, පලා වර්ග උයනව නේ. කිරි ටිකක්, උම්බලකඩ කෑල්ලක් කොටින්ම කියනව නම් තෙල් ටිකක් දාලා ගත්තත් සමහර වෙලාවට හරි රහ එන්නෙ නෑනේ? අන්න ඒ වෙලාවට ලඟ තියා ගන්න බුලත් විටට කන හුණු ටිකක්. එළවළුව ලිපේ තියද්දිම පොඩ්ඩක් දැම්ම නම්, බාද්දි පාට, රස ටොප් එකට තියෙයි. හැබැයි එකක්, සාමාන්‍යයෙන් එළවළු ග්‍රෑම් 250කට හුණු තේ හැඳි කාලක් වගේ තමයි දාන්නෙ, හොඳද.


එහෙනම් දැනට මේ ටික ඇතිනෙ. ආයෙත් දවසක තව රස රහස් ටිකක් අරගෙන එන්නම්. හැබැයි ඒ අතරට ඔයාල දන්න ඒවත් අපිට කියන්න. මොකද අපේ යාළුවො ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවනෙ, ගෙදර කෑම වේලෙ රස ඩබල් ත්‍රිබල් කරගන්න.

Comments

Popular posts from this blog

රසම රස බත් වර්ග 8 ක්

1.කබ්සා රයිස් අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටි...

කෑම උයද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම්  පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න. 1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවක...

ධාන්‍ය වලින් රසවත් ආහාර වට්ටෝරු 3ක්..

ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි.  රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ. 1. කඩල, කව්පි මිශ්‍ර පිට්ටු අවශ්‍ය ද්‍රව්‍ය  රතු හෝ සුදු හාල් පිටි 250g ගා ගත් පොල්  ලුණු තම්බාගත් කඩල 100g තම්බාගත් රතු කව්පි 100g තම්බාගත් ග්‍රීන්පීස් 50g අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක් සාදාගන්නා ආකාරය ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.  දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.  අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.  මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය. 2. බතල ක...