Skip to main content

Posts

Showing posts from 2019

රස මාළු කරියකට රහස් 10 ක්...

1. රස මළු කරියක් හදන්න නම් දවසේ මාළු ගන්න. දවසේ මාළු කියන්නේ අලුත් මාළු. වඩාත්ම රස මාළු කරියක් හදන්න නම් කුඩා මාළු ගන්න. ලොකු කෑලි මාළු පහසු උනත් හොද්දේ රසය ගැන හිතනවා නම් කුඩා මාළු ගන්න.  2. මාළු හොදින් සෝදන්න. මසුන් ගෙන ආ මොහොතේම එය සෝදන්න. මාළු මුලින්ම සුද්ද කරන්න. පසුව සාමාන්‍ය වතුරෙන් තුන් වරන් හොදින් සෝදන්න. පසුව වතුර බේරා එයට දෙහි බෑයක යුෂ දමන්න. දෙහි ලෙල්ල ද මාළු වලටම දමන්න. එයටම කහ කුඩු තේ හැදි බාගයක් සහ ලුණු කුඩු තේ හැදි බාගයක් දමන්න. හොදින් අතගා විනාඩි 40ක් වසා තබන්න. පසුව යලිත් සෝදා පිසීමට ගන්න. පසුව පිසිනවා නම් අධිශීතකරණයට හොදින් වසා දමන්න.  3.මාළු පිසීමේදී ගොරකා, තක්කාලි, සියඹලා ආදී කුමන ඇඹුලක් එක්කලත් දෙහි ඇඹුල් බිංදු දෙක තුනක් දමන්න අමතක කරන්න එපා. ඉන් මාළු වල රසය පුදුමාකාර ලෙස මතුවෙනවා. එම නිසා මාළු පිසින හැම විටම දෙහි ගෙඩියක් ඒත් සමග ගන්න.  4. මාළු වලට ගොරකා දමන විට කුඩා බෝල් එකකට ගොරකා උණු වතුරදමා විනාඩි 15ක් තම්බන්න. පසුව එම වතුරද සමගම මාළු කරියට දමන්න. මාළු 500g කට ගොරක කෑලි 2ක් හෝ 3ක් උපරිමයෙන් ඇති. ගොරකා අලුත් ඇඹුලක් මාළු කරියට එක් කරනවා....

රසවත් පොඩි වම්බටු කරියක්....

දැන් උත්සව කාලෙත් ලග ලගම එනවනේ ඉතින් අද අපි ගෙනාවෙ පොඩි වම්බටු වලින් හදන රසවත් වම්බටු කරියක්. අවශ්‍ය ද්‍රව්‍ය  හොද දම් පැහැති පොඩි වම්බටු ගෙඩි 8ක්. අබ ඇට තේ හැදි බාගයක්  මාදුරු ඇට තේ හැදි කාලක්  සූදුරු ඇට තේ හැදි කාලක්  කරපිංචා කිනිති 3ක් සිහින්ව කොටු කපාගත් බී ලූනු ගෙඩි 2 ක්  දෙහි ඇඹුල් බින්දු දෙක තුනක් එළවළු තෙල් මේස හැදි 6ක් අඹරාගත යුතු පහේ පේස්ට් එක රතුලූනු ගෙඩි 7ක්  ඉදුණු තක්කාලි ගෙඩි 2 ක්. හතරට පහට කපාගන්න. ඉගුරු අගලක කැබැල්ලක්  සුදුලූණු බික් 4ක් කජුමද 5ක් ගාගත් පොල් කෝප්ප බාගයක්  මිරිස් කුඩු තේ හැදි 3ක් කොත්තමල්ලි කුඩු තේ හැදි 2ක් කහ කුඩු තේ හැදි බාගයක්  ලුණු තේ හැදි 1ක් සීනි තේ හැදි 1ක් ඉහත සදහන් ටික බ්ලෙන්ඩරයට දමා තනි පේස්ට් එකක් වන සේ සිහින්ව අඹරා පසෙකින් තබාගන්න. සාදාගන්නා ආකාරය  පොඩි වම්බටු ගෙඩිවල එහි දිග අතට කැපුම් හතරක් දමන්න. ගෙඩිය වෙන් නොවනසේ.  දැන් මේ කපාගත් වම්බටු වල කැපුම් පාරවල් අතරින් සාදාගත් පේස්ට් එකෙන් ටික ටික ගෙන දමන්න. ඇතුලට පේස්ට් එක අල්ලන ලෙස දාගන්න. ඉතිරි...

පුදුමාකාර රස සිංහල සීනි සම්බෝලය...

සිංහල සීනි සම්බෝලය සාදාගැනීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය   හොද අලුත් බී ලූනු 2kg ක්. ( අලුත් ලූනු ගන්න. ලූනු වල උඩ බඩය ඉවත් කර ලියාගන්න. ) තරමක් සිහින්ව කුඩුකරගත් උම්බලකඩ 100g ක්. කෑලි මිරිස් 100g ක්.  අව්වේ තරමක් වේලාගත් කරපිංචා කෝප්ප 1 ක්. 1cm තරමට කපා අව්වේ වියලාගත් රම්පා කෑලි කෝප්ප බාගයක් සහ වියලාගත් සේර බඩයක්. දෙහි ගෙඩියක් තරම් අලුත් සියඹලා ගුලියක්. ( මෙය වතුර කෝප්ප කාලක දියකරගෙන ඇට ඉවත්කරගන්න. වතුර වැඩිය දාන්න එපා. ) සීනි මේස හැදි 8 ක්. කරදමුංගු කරල් 12 ක්. කුරුදු පොතු අගලේ කෑලි 4 ක්. කරාබුනැටි 12 ක්. ( කරාබුනැටි, කරදමුංගු, කුරුදු පොතු එකට දමා තරමක් තලාගන්න.) ලුණු කුඩු මේස හැදි 1 (රස අනුව අඩු වැඩි කරගන්න.)  සුදුලූණු බික් 2ක් සහ ඉගුරු අගලක කැබැල්ලක්. හොද තත්වයේ පොල් තෙල් කෝප්ප 1 ක්. සාදාගන්නා ආකාරය   පොල්තෙල් අඩු කෝප්ප බාගයක් හොද අඩිය අල්ලන්නේ නැති තාච්චියකට දමාගන්න. තෙල් රත්වීගෙන එනවිට එයට සිහින්ව කපාගත් ලූනු දමන්න. හොදින් උඩ යට මාරු කරමින් බදින්න. ලූනු රන්වන් පැහැයට හැරෙනතුරු බැදිය යුතුයි. තෙල් වැඩිපුර දමන්න එපා. මදිවගේ නම් මේස හැන්දක් ප...

රසවත් අතුරුපසක්....

අවශ්‍ය ද්‍රව්‍ය  හකුරු 250g බිත්තර 5 මිටි කිරි අඬු කෝප්ප 1 1/4 වැනිලා ස්වල්පයක් කරදමුංගු 2 කරාඹුනැටි 3 කජු මද 10 වියලි මිදි 10g සාදාගන්නා ආකාරය  මුලින්ම හකුරු හීනියට ගා ගන්න. ගා ගත් හකුරු මිටි කිරිවල හොදින් දිය කර ගන්න. මිටිකිරි වෙනුවට පොල් කිරි ක්‍රීම් උනත් පාවිච්චි කරන්න පුළුවන්දි ය කරගත්තු මිශ්‍රණය පෙරා ගන්න. නැත්නම් දිය නොවුණු හකුරු කෑලි තියෙන්න පුලුවන්. දැන් බිත්තර ටික හොදින් බීට් කර ගන්න. මතක ඇතුව බිත්තර බීට් කරද්දි ලුණු පොඩ්ඩක් එකතු කර ගන්න. හොඳින් බීට් වුණ බිත්තර වලට දිය කරගත්තු හකුරු මිශ්‍රණය ටික ටික එකතු කරමින් බීට් කරගන්න. අවසානයට වැනිලා බින්දු කීපයකුත්, සිහින් වෙන්න කුඩු කර ගත්තු කරදමුංගු කරාඹුනැටි කුඩුත් එක්කරන්න. සාදික්කා කුඩු ටිකකුත් අවශ්‍යනම් එකතු කරගන්න පුළුවන්. මේ රසකාරක වලින් බිත්තර වලින් එන පිලී රසය හා සුවඳ නැති වෙනවා වගේම හොද රසයකුත් වටලප්පමට එක්කරනවා. අලුමිනියම් බදුනක හරි තාපයට ඔරොත්තු දෙන වීදුරු භාජයනයකට හරි මිශ්‍රණය වත්කරගන්න. බඳුනේ කට තෙල් කරඩදාසියකින් හරි ඇලුමිනියම් කොලයකින් හරි වසාගන්න. පීඩන උදුනනක (Pressure Cooker) නම්...

බෝල්ලෝ කරවල ගොරකා හින්දුම....

අවශ්‍ය ද්‍රව්‍ය හොදින් සුද්දකර තරමක කැබලි වලට කපාගත් බෝල්ලෝ කරවල 200g - කරවල ටික කපාගෙන පස්සේ දෙහි බෑයක් යුෂ, කහ තේ හැදි බාගයක් දමා අතගාලා තියන්න. පැය බාගයකට පස්සේ ආයෙත් සෝදලා ගන්න. සිහින්ව ලියාගත් රතුලූනු කෝප්ප බාගයක්  දෙකට පලාගත් අමුමිරිස් කරල් 3ක්  දෙකට පලාගත් සුදුලූණු බික් 4ක් කරපිංචා ඉති 2ක් රම්පා කැබැල්ලක්  පොඩි කුරුදු පොතු කැබැල්ලක්  උළුහාල් තේ හැදි කාලක්  එකට දමා අඹරාගත් සූදුරු තේ හැදි බාගයක් සහ අබ තේ හැදි තුන්කාලක් මිරිස් කුඩු තේ හැදි 3ක් කහ කුඩු තේ හැදි බාගයක්  ගොරක කැබලි 3ක් - උණු දියේ විනාඩි පහක් දමා තබාගන්න. පසුව ඒ වතුරත් සමගම කරියට දමන්න. දෙහි ගෙඩියක යුෂ පොල් කිරි කෝප්ප 2ක් රස අනුව ලුණු  තවත් අලුත් කරපිංචා ඉත්තක් අවසානයට කරියට දාන්න. පොල් තෙල් මේස හැදි 1 ක්  සාදාගන්නා ආකාරය  මැටි ඇතිලියක් ගන්න. ඒක ඕනිමයි. දැන් ඒකට පොල්කිරි, දෙහි සහ පොල්තෙල් ඇරෙන්න අනිත් සියළුම දේ දාන්න. දෙහි ටික හොදින් මිරිකන්න. එහෙම කරලා හොදින් අතගාන්න.  අවසානය පොල්තෙල් මේස හැන්ද උඩින් දමා යලිත් අතගාන්න.  දැන් මෙසේ ඒදාග...

හාල්මැස්සන් රටකජු මිරිස් බැදුම...

අවශ්‍ය ද්‍රව්‍ය  වියළි හාල්මැස්සන් 300g. මේ හාල්මැස්සන් ඔලු කඩා දෙතුන් වරක් හොදින් සෝදා දෙහි ටිකක් කහ ටිකක් දමා පසෙක තබන්න. රටකජු 200g. අමු රටකජු පොත්ත පිටින්ම ගන්න.  එළවළු තෙල් කෝප්ප බාගයක්. සිහින්ව ලියාගත් බීලූනු ගෙඩි 2ක්. සීනි මේස හැදි 5ක්.  කහ තේ හැදි 1ක්. වියළි මිරිස් කරල් 10ක්, විනාකිරි මේස හැදි 1 ක්, සියඹලා පේස්ට් මේස හැදි 1ක්, මිරිස් කුඩු මේස හැදි 1 ක්, සුදුලූණු බික් 1 ක්, අගල් කාලක ඉගුරු කැබැල්ලක් එකට දමා අඹරාගත් ගුලියක්. ලුණු රස අනුව ඉතාම කුඩා කරපිංචා මිටක්. සාදාගන්නා ආකාරය  මුලින්ම මිරිස් පේස්ට් එක හදාගන්න. මිරිස් කරල් වේලා දියේ දමා තබාගන්න. පසුව සියල්ල එකට දමා හොදින් අඹරාගන්න.  දැන් හොද ඝනකම තාච්චියක් ලිපේ තියන්න. එයට තෙල් කෝප්ප බාගය දමන්න. හොදින් රත්කරන්න. මුලින්ම රටකජු ටික රන්වන් පාටට බැදගෙන පිටතට ගන්න. පසුව කරපිංචා මිටද තත්පර 5ක් බැදගෙන පිටතට ගන්න. පසෙක තබාගන්න. දැන් එම තෙලට හාල්මැස්සන් ටික හොදින් මිරිකා දමන්න. විනාඩි 3ක් පමණ හොදින් බදින්න. දැන් එයටම ලූනු ටික දමන්න. තවත් විනාඩියක් බැදගන්න. දැන් එයට කහ කුඩු සහ අඹරාගත් පේස්ට්...

අඹ චට්නියක් හදමුද.....?

අවශ්‍ය ද්‍රව්‍ය  කුඩාවට කපා ගත් පැසුනු අඹ 900g සීනි 300g විනාකිරි 200 ml ඉගුරු සහ සුදුලූනු තේ හැදි බාගයක්  මිරිස් කුඩු මේස හැදි 2 ක්  කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි තේ හැදි බාගයක්  ලුනු තේ හැදි බාගයක්  සාදාගන්නා ආකාරය   පියවර 01 මුලින්ම අවශ්‍ය කරන සියලුම දේ ලෑස්ති කර පසෙකින් තබන්න.  පියවර 02 භාජනයක් ලිප තබා එයට විනාකිරි දමන්න එය රත් වනවිට සීනි ,ඉගුරු සහ සුදුලූනු ,මිරිස් කුඩු ,කුඩු කරගත් එන්සල්,කුරුදු ,කරාබුනැටි,දිය ලුනු දමන්න. පියවර 03 ඉන්පසුව අඹ  ටික දමා  මද ගින්නෙ උකු වනතුරු පිස ගන්න. පියවර 04 අඹ හොදින් තැම්බි උකු වූ පසු ලිපෙන් බා ගන්න.උනුවෙන්ම , ජීවානුහරනය කල බෝතල් වල දමා සීල් කරන්න.අවුරුද්දක් පමණ තබා ගත හැක.  උපුටා ගැනීමකි.   

රසම රස තෝර මාළු අච්චාරුවක් හදමුද.........

තෝර මාළු කියන්නේ ලොකු කුඩා හැමෝටම එකසේ රස ගුණ දෙන කෑමක්නේ. අපි හුගක් වෙලාවට පුරුදු වෙලා ඉන්නේ සුදට කිරට උයන්නනේ. ඒත් වෙනස් රසයකට අලුත් විදියකට තෝර මාළු හදාගන්න විදිය තමයි මේ.මේ ක්‍රමයට හැදුවාම කල් තියාගන්නත් පුළුවන්. අවශ්‍ය ද්‍රව්‍ය තෝර මාළු 450g මිරිස් කුඩු මේස හැදි 2 කහ ස්වල්පයක් ලුණු මේස හැදි 2 විනාකිරි අඩු කෝප්පයක් සියඹලා 75g කොත්තමල්ලී කුඩු මේස හැදි 1 තෙල් සීනි මේස හැදි 2 සාදාගන්නා ආකාරය  තෝර මාළු පෙති ගසා සෝදාගන්න. කහ සහ ලුණු එක්කර දවටා තෙලෙන් බදින්න.සියඹලා විනාකිරෙන් මිශ්‍ර කර බොර එකතුකර ගන්න.සියලුම කුළු බඩු වර්ග මේ සියඹලා බොර සමග එක්කර හොදට නටනතුරු පිසගන්න. තෝර පෙති ඊට එකතු කර උදුනෙන් ඉවතට ගන්න. නිවෙන්නට හැර මැටි බදුන් වලට දමන්න.    මූලාශ්‍ර lady.lk

ධාන්‍ය වලින් රසවත් ආහාර වට්ටෝරු 3ක්..

ධාන්‍ය වර්ග කන්න අකමැති අයටයි මේ ආහාර වට්ටෝරු. ධාන්‍ය වර්ග කන්න හරිම අකමැතිනේ අපේ පොඩ්ඩො, මෙහෙම හදල දුන්නොත් නම් අනිවාර්යයෙන්ම ආසාවෙන් ආහාරයට ගනීවි.  රසයෙන් වගේම ගුණයත් ඉහල ආහාර වට්ටෝරු කිහිපයක් තමයි මේ. 1. කඩල, කව්පි මිශ්‍ර පිට්ටු අවශ්‍ය ද්‍රව්‍ය  රතු හෝ සුදු හාල් පිටි 250g ගා ගත් පොල්  ලුණු තම්බාගත් කඩල 100g තම්බාගත් රතු කව්පි 100g තම්බාගත් ග්‍රීන්පීස් 50g අවශ්‍ය නම් කැරට් සහ බෝංචි ටිකක් සාදාගන්නා ආකාරය ගාගත් පොල් වලට ලුණු මිශ්‍ර කර එයට හාල් පිටි දමා පොඩියට කැට කරගන්න. කැට කර ගැනීමේදී අතේ වතිර තවරා ගනිමින් කැට කරගත යුතුයි.  දැන් පොඩි ඇලුමිනියම් කෝප්ප කිහිපයක් ගෙන සාදාගත් පිට්ටු ටිකක් දමා ඒ මත තම්බාගත් කව්පි, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත කඩලද, නැවත පිට්ටු ටිකක් දමා ඒ මත ග්‍රීන්පීස් දමා මතුපිටට පිට්ටු මිශ්‍රණය දමා මෙම ඇලුමිනියම් කෝප්ප වල් ඇති පිට්ටු වාශ්පයෙන් තම්බාගන්න.  අවශ්‍ය නම් මෙයට සිහින්ව ලියාගත් කැරට් , බෝංචි ආදිය එක් කල හැකිය.  මෙසේ සදාගත් පිට්ටු පරිප්පු, මස්, මාළු හෝ කව්පි කරියක් සමග කෑමට ගත හැකිය. 2. බතල ක...

කොස් ඇට පොල් තෙම්පරාදුවක් හදමුද ?

අවශ්‍ය ද්‍රව්‍ය  කොස් ඇට 30ක් පමණ වියළි හාල්මැස්සන් 10ක් පමණ  කහ තේ හැදි බාගයක්  ලුණු තේ හැදි 1 ක්  වියළි මිරිස් කරල් 4 ක් අබ තේ හැදි 1 ක් සූදුරු තේ හැදි කාලක්  සිහින්ව ලියාගත් රතුලූනු ගෙඩි 6ක් යන්තමට ලියාගත් සුදුලූණු බික් 3ක් කරපිංචා  රම්පා කැබැල්ලක්  කෑලි මිරිස් තේ හැදි 1 ක්  තෝර පරිප්පු මේස හැදි 1 ක්  දෙහි බෑයක යුෂ අමුමිරිස් කරල් 3ක්  සිහින්ව ගාගත් පොල් කෝප්ප 1 ක්  අවශ්‍ය ප්‍රමාණයට ලුණු  පොල් තෙල් මේස හැදි එකහමාරක්  සාදාගන්නා ආකාරය  කොස් ඇට ටික හොදින් තෝරාගෙන සෝදාගන්න. නරක්වූ ඇට ඉවත්කරන්න. දැන් කොස් ඇටවලට ලුණු තේ හැන්දක් සහ කහ තේ හැදි බාගයක් දමා තම්බාගන්න. කොස් ඇට හොදින් තැම්බුණු පසු යන්තමට තලාගෙන හෝ කපාගෙන පොතු ඉවත්කරගන්න.  දැන් හොද තාච්චියක් ගන්න. එයට පොල් තෙල් දමන්න. තෙල් රත්වීගෙන එනවිට මුලින්ම එයට හාල්මැස්සන් ටික දමා බැදගන්න. පසුව හාල්මැස්සන් ටික ගන්න. තෙල් ටිකට තවත් තෙල් ටිකක් එකතු කරන්න. දැන් එයට අබ සහ සූදුරු දමන්න.  සූදුරු හා අබ ඇට පුපුරාගෙන එනවිට එයට කඩාගත් වියළි ...

කර්ඩ් රයිස් හෙවත් මුදවපු කිරිබත්

නීරෝගී කාන්තාවක් හැමදාම උදේට ආහාරයට ගත යුතු විශේෂිත ආහාරයක් විදිහට තමයි මේ කර්ඩ් රයිස් එහෙමත් නැත්නම් මුදවපු කිරිබත් හදුන්වන්නේ. මේ ආහාරය දකුණු ඉන්දියානු ආහාරයක්. තයීර් සාදම් කියල තමයි මේ ආහාරය හදුන්වන්නේ . දකුණු ඉන්දියානු නිලියන්ගේ ජනප්‍රියතම උදේ ආහාරය තමයි මේ තයීර් සාදම්. අද අපි කියන්න යන මේ ආහාරය සුපිරි ආහාරයක්. මේ රසවත් තෙම්පරාදු බත හරිම රසවත් අත්දැකීමක් වේවි. රෙසිපිය දාන්න කලින් පොඩ්ඩක් බලමු නේද මේ රසවත් බත කාන්තාවන්ගේ නීරෝගීකමට කොහොමද බලපාන්නේ කියල. කාන්තාවකගේ සම්පූර්ණ නීරෝගීකමට බලපාන ප්‍රධානතම හේතු ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන සංකූලතායි. සම අවපැහැ ගැන්වීම, සම කළු වීම, සම එල්ලා වැටීම, දෑස් බොර පාට වීම, මළ ටික ටික පිටවීම, මළ පිටකිරීමේදී රුධිරය පිටවීම, බඩ පිපුම, උගුරට ඒම, ඉස්මුරුත්තාව, ගැස්ට්‍රයිටිස්, ආහාර රුචිය නැතිකම, කලන්තය, පණ නැතිකම සහ සම්පූර්ණ ශරීරයේ පණක් නැතිවීම වැනි සුලභ රෝග රැසකට මේ මුදවපු කිරිබත ගුණ බවයි පැවසෙන්නේ. දවස් 30ක් මේ කිරිබත හැම උදයකම ආහාරයට ගැනීමෙන් ඉහත සදහන් රෝග වලට සහනයක් ලබාගත හැකිවේවි. කර්ඩ් රයිස් සාදාගැනීමට අවශ්‍ය දේවල්... පිසගත් බත් කෝප්ප 2...

පොඩ්ඩන්ට ඉදි ආප්ප කවන්න ලේසිම විදිහක්

අද රෙසිපිය ගේන්නේ අපේ පොඩ්ඩන්ට. පොඩ්ඩන්ට වගේම ලොකු අයටත් මේක රසවත් කෑමක්. අපේ පොඩ්ඩෝ කොහොමත් කෑමට ටිකක් හොරයිනේ. ඒක අපේ අම්මල අත්දැකීමෙන් දන්න දෙයක්. අද අපි රස රහස් පේජ් එකෙන් ගෙන එන්නේ ඉදිආප්ප කන්න අකමැති පොඩ්ඩොන්ට ඉදිආප්ප කවාගන්න පුළුවන් රසවත් විදිහක් ගැන. අවශ්‍ය ද්‍රව්‍ය  අතින් පොඩියට කඩාගත් සුදුකැකුළු ඉදි ආප්ප කෝප්ප 1 ක්. බටර් තේ හැදි 2 ක්.  අබ තේ හැදි කාලක්. පොඩ්ඩ ආස නැත්නම්  අඩුවෙන් දාන්න. කෑලි කජු තේ හැදි 2 ක්. සිහින්ව අඹරාගත් ඉගුරු තේ හැදි බාගයක්. ලියාගත් අමුමිරිස් කරල් බාගයක් - දැවිල්ල කන්නෙ නැති බබාලට නොදා ඉන්න. කරපිංචා ස්වල්පයක්.  දෙහි බිංදු 4ක් 5ක්. කහකුඩු තේ හැදි කාලක්. රස අනුව ලුණු  සීනි තේ හැදි බාගයක්. පොල් කිරි හෝ සාමාන්‍ය දියර කිරි මේස හැදි 2 ක්. සාදාගන්නා ආකාරය  පිරිසිදු සාස්පානක් ගන්න. එයට බටර් ටික දමන්න. බටර් රත්වීගෙන එද්දී එයට අබ ඇට ටික දමන්න. අබ ඇට පුපුරද්දී එයට කෑලි කජු සහ කරපිංචා දමන්න. කරපිංචා පුපුරද්දී එයට අමුමිරිස් සහ ඉගුරු ටික දමන්න.  විනාඩියක් පමණ මදගින්නේ තෙම්පරාදු කරන්න. දැන් එයට කහකුඩු ටික දමා...

කටට රසට මෝජු වර්ග 7 ක්

1. පොලොස් මෝජු  අවශ්‍ය ද්‍රව්‍ය පොලොස් 200g අවශ්‍ය ප්‍රමාණයට හාල්මැස්සන්  මළුමිරිස් කරල් 2ක් හෝ 3ක්(රවුමට කපාගත්) අමු මිරිස් කරල් 3ක් හෝ 4ක්(දෙකට මැදින් පලාගත්.) ලූනු 50g(දිග පෙති හැඩයට කපාගත්) අඹරාගත් අබ තේ හැදි 2 ක්  මිරිස් කුඩු තේ හැදි 1 ක්  අඹ චට්නි මේස හැදි 2 ක්  සීනි මේස හැදි 2 ක්  ලුණු අවශ්‍ය ප්‍රමාණයට  විනාකිරි අවශ්‍ය ප්‍රමාණයට  සාදාගන්නා ආකාරය  පොලොස් අගල්  1/2 ක් වන සේ කොටු ආකාරයට කපාගන්න. එය විනාකිරි, වතුර, සීනි , ලුණු එකතුකර තම්බාගන්න. මාළුමිරිස් , අමුමිරිස් , ලූනු ටිකද තම්බා පසෙකින් තබන්න. භාජනයක් ගෙන එයට අබ, මිරිස් කුඩු, චට්නි, සීනි, අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ විනාකිරි එකතු කර එයට තම්බා ගත් පොලොස් සහ ලූනු, මාළුමිරිස් , අමුමිරිස් එකතු කරන්න. 2.තලන බටු මෝජු අවශ්‍ය ද්‍රව්‍ය තලන බටු 200g මිරිස් කුඩු මේස හැදි 1 ක් සීනි මේස හැදි 2 ක් විනාකිරි මේස හැදි 3 ක් පමණ  කහකුඩු ස්වල්පයක්  ලුණු අවශ්‍ය ප්‍රමාණයට  අබ මේස හැදි 1 ක්(අඹරාගත්) රතුලූනු 50g අමුමිරිස් කරල් 4 ක් හෝ 5ක්(දෙකට පලා...

හදාගෙන තියාගෙන කන්න පුළුවන් විශ්මිත රසැති රතුලූණු කරියක්...

සූපවේදී ගයන්ත මද්දුමගේ විසින් ඉදිරිපත් කරන රහස් කෑම වට්ටෝරු ලිපි මාලාවෙන් උපුටා ගත් රසවත් රහස් කෑම වට්ටෝරුවක් තමයි අද ඉදිරිපත් කරන්නේ.                     රතුලූනු කලුපොල් කරිය. රතුලූනු කරිය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ... පොතු හැර දෙකට පලාගත් රතුලූනු කෝප්ප 2 ක්. (250g පමණ) ලියාගත් අමු මිරිස් කරල් 2 ක්. කරපිංචා අහුරක්. සියඹලා පේස්ට් මේස හැදි 2 ක්.( දෙහි ගෙඩියක් තරම් සියඹලා ගුලියක් ගෙන වතුර කෝප්ප කාලක දියකර ඇට ඉවත් කර පෙරා ගන්න.) සිහින්ව ලියාගත් කිතුල් හකුරු මේස හැදි 2 ක්.( සිහින්ව ලියාගත් හකුරු වතුර කෝප්ප කාලක දියකරගෙන හකුරු සිරප් එක හදාගන්න. ) ලුණු අවශ්‍ය ප්‍රමාණයට. වතුර අඩු කෝප්ප 1 ක්. පොල් තෙල් මේස හැදි 2 ක්. කබලේ බැදගෙන කුඩුකරගත යුතු මිශ්‍රණය... සිහින්ව ලියාගත් පොල් කෝප්ප 1 1 /2 ක්.  සූදුරු තේ හැදි කාලක්. කහ තේ හැදි බාගයක්. මිරිස් කුඩු තේ හැදි 2 ක්. කොත්තමල්ලි කුඩු තේ හැදි 3 ක්. වතුර කෝප්ප කාලක්. තෙම්පරාදුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය ... පොල් තෙල් මේස හැදි 2 ක්. සූදුරු තේ හැදි කාලක්. පොල් කෑලි මේස හැදි ...

කුකුල් මස් අලුත් විදිහකට හදන්න රහස් වට්ටෝරුවක්.

කුකුල් මස් අච්චාරුව. අවශ්‍ය දේවල් කුකුල් මස් කිලෝ 1 ක් ( අලුත් මස් ගන්න. අගලයි අගල ප්‍රමාණයට කපා ගන්න.) ඉගුරු සුදුලූනු අඹරාගත් පේස්ට් එකෙන් හැදි 1 1/2 ක්. හොද රතුපාටක් තියෙන මිරිස් කුඩු මේස හැදි 1 1/2 ක්. කහ තේ හැදි 1/2 ක්. ලොකු දෙහි ගෙඩි 3ක් යුෂ. ( විනාඩි 2 ක් රත් කරන්න. පසුව සිසිල් වෙන්න තබා පසෙක තබන්න.) හොද මේස ලුණු තේ හැදි 1 1/2ක්. සුදු පොල් තෙල් මේස හැදි 5 ක්. පහත කුලුබඩු කබලේ හොදින් බැදගෙන කුඩුකර ගන්න. කොත්තමල්ලි මේස හැදි 3 ක්. සූදුරු මේස හැදි 1ක්. තල ඇට මේස හැදි 1ක්. උලුහාල් ඇට තේ හැදි 1 ක් . කරාබු නැටි 6 ක්. අලුත් කුරුදු අගල් දෙකක කැබැල්ලක්. කරදමුංගු 2 ක්. ස්ටාර් අනීස් ( මේ කුලුබඩුවත් සුපිරි වෙළද සැල්වල ගන්න තියෙනවා. ) මේ සියල්ල තරමක් කබලේ බැදගෙන හොදින් කුඩුකරගෙන තියාගන්න. තෙම්පරාදුවට අවශ්‍ය දේවල් උලුහාල්  තේ හැදි 1/4 ක්. කරපිංචා කොළ රතු වියළි මිරිස් කරල් 5 ක්. යන්තමට තලාගත් සුදුලූනු බික් 15ක්. සුදු පොල් තෙල් කෝප්පයක් . කුකුල් මස් අච්චාරුව හදන හැටි පහේ ටික එකිනෙක වෙන වෙනම පරිස්සමින් බැදගන්න. අඩු ගින්දරේ බදින්න. පසුව බ්ලෙන්ඩ...

කෑම උයද්දි මේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න.

ඔබ දන්නවාද ආහාරයක් සකස් කිරීමේදී අපි නොදන්නා බොහෝදේ තිබෙන බව. එ නිසා කෑම උයද්දිත් හිතාගන්නවත් බැරි දේවල් අපේ අතින් සිදුවෙනවා. ආහාර විෂ වීම නිසා රෝගී වීම හා ජීවිත හානි සිදුවීම්  පවා වාර්තා වෙනවා. කොහොමද මේ ආහාර විෂ වෙන්නේ? ඇත්තටම ආහාර විෂ වීම කියන්නේ මොකක්ද ? පිරිසිදුව ආහාර පිසිනවානම් ඒවා විෂ වෙන්නේ කොහොමද ? ඇත්තටම ආහාර විෂ වෙන්නේ ආහාර 2ක් හෝ 3ක් මිශ්‍ර කර පිසීමේදී. හැම ආහාරයක් තුලම රසායනික ද්‍රව්‍ය අඩංගු වෙනවා. එක් රසායනික සංඝටකයක් තවත් සංඝටකයක් සමග එකතුවී විෂ සංඝටකයක් හදන්න පුලුවන්. ඒවා එතරම් අහිතකර නොවෙන්නත් පුලුවන්. අධි විෂ වෙන්නත් පුලුවන්. ඊට අමතරව ආහාර වල බැක්ටීරියා හා විෂබීජ ක්‍රියාකාරිත්වය නිසාත් ආහාර විෂ වීම් ඇතිවෙනවා. ගෘහණියන් වන අපි ආහාර රසට ගුණට උයන්න වගේම මේ දේත් දැනගන්න ඕනි. ඉතින් අද අපි කියන කෑම වර්ග මේ විදියට පිසීමේදී පරිස්සම් වෙන්න. 1. රතුලූනු, සුදුලූනු වේලාසන සුද්ද කර පෙති ගසා විනාඩි 5 කට වඩා තබන්න එපා. ලූනු ඉතාම ඉක්මනින් අවට පරිසරයේ ඇති විෂ වර්ග උරාගන්නවා. ඒකයි විෂක් සමේ ගෑවුනාම ලූනු ගෙඩියක් සමේ අතුල්ලන්න කියන්නේ. ලූනු වලට විෂ උරාගන්නවා. ලූනු කපල ටික වේලාවක...

ඉදිආප්ප රසට කන්න තක්කාලි හොද්දක් තරම් රස දෙයක් තවත් තියෙනවද?

1.  තක්කාලි තෙම්පරාදු හොද්ද... ඉදුනු තක්කාලි ගෙඩි 4 ක් ගන්න. හතරට පලාගන්න. ලූනු ටිකක් අමුමිරිස් ටිකක් ලියාගන්න. අබ තේ හැදි 1/2 ක් සූදුරු තේ හැදි 1/2 ක් එකට දාල අඹරා ගන්න. සාස්පානක් අරගෙන එයට තක්කාලි, ලියාගත් ලූනු, අමුමිරිස්, කරපිංචා, රම්පා පොඩි කැබැල්ලක්, උලුහාල් තේ හැදි 1/4ක්, කහ තේ හැදි 1/2 ක්, මිරිස් කුඩු තේ හැදි 2 ක්, අඹරාගත් අබ සූදුරු මිශ්‍රණය, ලියාගත් සුදුලූනු බික් 4 ක්,කුරුදු පොතු කැබැල්ලක් දාන්න. එයටම ලුණු තේ හැදි 1 ක් දමන්න. දැන් මේ තක්කාලි ටිකට හොද මිටිකිරි කෝප්ප 2 ක් දාන්න. එහෙම දාල හොදට අතගාල ලිපේ තියන්න. විටින් විට හැදි ගාන්න. හොද්ද උතුරාගෙන එනකොට ටිකක් වැඩියෙන් හැදිගාන්න. හොද්ද කැටි වුනොත් තක්කාලි වල ඇඹුල් රසය ඉස්මතුවෙන්න ගන්නවා. ඒනිසා හොද්ද ටික වේලාවක් උතුරුවාට පස්සේ ලිප වහන්න. දැන් සාස්පානේ තියෙන හොද්ද වෙන බදුනකට මාරුකරල එම සාස්පානටම පොල්තෙල් මේස හැදි 1 1/2ක් දාන්න. එයට ලියාගත් ලූනු ගෙඩි 1/2 ක් සමග අබ තේ හැදි 1 ක් දාන්න. අබ ඇට පුපුරාගෙන එද්දී එයට වියලි මිරිස් කරල් 2ක් කඩලා දාන්න. විනාඩියක් තෙම්පරාදු කරල එකට කරපිංචා ඉති 2ක් දාන්න. දැන් මේ තෙම්පරාදුවට අවශ...

රසම රස බත් වර්ග 8 ක්

1.කබ්සා රයිස් අවශ්‍ය දේවල් බාස්මති 2 කප් (ඔයාලාට කැමති ප්‍රමාණයක් හාල් අරගෙන මේ දමා තියෙන එවා වැඩි කර ගන්න ) ඔලිව් ඔයිල් 2 tbs බටර් 1 tbs කරාබු නැටි 3-4 බේලිප් 3-4 කුරුදුපොතු කැලි 2-3 කරදමුංගු ටිකක් පොඩියට කපා ගත් ලුනු කප් 1 පොඩියටම කපා ගත් සුදුලුනු බික් 4-5 ටොමැටෝ පේස්ට් 2tbs පොඩියට කපා ගත් කැරට් ගෙඩි 1 කොත්තමල්ලි කුඩු 2tbs සුදුරු 1/2tsp රස අනුව ලුණු චිකන් ස්ටොක් අවශ්‍ය පමණ (නැතිනම් නෝර් සුප් කියුබ් 3-4 වතුර සමග දිය කර ගන්න ) ප්ලම්ස් හා කජු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් සමාන්‍ය කැලි කපා ගත් චිකන් අවශ්‍ය පමණ. 500g සාදාගන්නා ආකාරය මුලින් භාජනයක් ලිප තියා එකට බටර් හා ඔලිව් ඔයිල් දමා රත් වෙන්න තියන්න. පසු එකට කුරුදුපොතු/කරදමුංගු/කරාබු නැටි ටික දමා සුලු වේලාවක් බැදෙන්නට තියන්න.පසු එකටම කපා ගත්ත ලුනු ටික දමා ලා දුඹුරු පැහැ වෙනකම් බැදෙන්නට හරින්න. පසු කපා ගත්ත චිකන් ටික දමා හොදින් කලවම් කර විනාඩි 5 පමණ බැදෙන්නට හරින්න.(භාජනයේ පියන වසා ) පසු එකට කපා ගත් සුදුලුනු/කැරට්/ බේලිප් දමා හොදින් මිශ්‍ර කරන්න. පසු එකට ටොමැටෝ පේස්ට් ටි...